
(ඉන්දික අරුණ කුමාර)
මහනුවර සිට හොරොව්පතාන දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් දඹුල්ල නාවුල උඩදෙණිය ප්‍රදේශයේ තාප්පයක ගැටි සිදුවු අනතුරින් මගීන් 18 දෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
අනතුර හේතුවෙන් යාබද පිහිටි තාප්පයකට මෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයට අයත් විදුලි රැහැන් හා දුරකතන රැහැන් රැසකට ද හානි සිදුව තිබේ.
මෙම අනතුරත් සමග එම මාර්ගයේ රථ වාහන ගමනාගමනයට ද බාධා එල්ල විය.
නාඋල පොලිසියේ හා මහවෙල පොලිසියේ රථවාහන අංශවල නිලධාරින් සහ කොහොලන්වල විශේෂ බළකා සෙබලුන්ද එක්ව ඒ නවය මාර්ගයේ රථවාහන තදබදය යථාතත්ත්වයට පත්කිරිමට පියවර ගන්නා ලදි.
අනතුර හේතුවෙන් ලංගම බස් රථයට දැඩි හානි සිදුව ඇති අතර පෞද්ගලික බස්රථයට හානි සිදුව නොමැත.
අනතුර හේතුවෙන් තුවාල ලැබුවන් නාලන්ද රජයේ රෝහලට,දඹුල්ල රජයේ රෝහලට සහ මාතලේ මුලික රෝහල්වලට යොමු කර ඇත. ලංගම බසය වෙනත් බසයක් පසුකර යෑමට උත්සහ කිරීමේදී මෙම අනතුර සිදුව තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඒ අලාභය කවුද ගෙවන්නේ.