(නිමන්ති රණසිංහ)
ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඒ මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (24) නියෝග කළේය.
නැවත නඩු පැවරීමේ කොන්දේසිය මත මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා බවත් , ඒ හේතුවෙන් මෙම සැකකරු නඩුවෙන් නිදහස් කරන ලෙසත් අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළව ඇප මත සිටි චුදිත, හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස් කොමිසමේ ඉන්නේ නඩුවක් වත් හරියට ගොනු කරන්න දන්නේ නැති නිලධාරීන්ද? එහෙම නැතිනම් වෙල්ගමට ජනාධිපති/ අගමැති කමක් ගන්න පාර හදලා දෙන්නද? මේ තරම් දූෂිත පාලනයක් තියෙන රටක්මේ ලෝකෙම නැතිව ඇති. අඩුගාණේ ගෝඨා ගෝ ගමේ ඉන්න කොල්ලො කෙල්ලන්ට තියෙන හයියවත් නැති ගැඩවිල්ලො වගේ වැඩිහිටියෝ ටිකක්ද මේ රටේ ඉන්නේ..?
ඔය කොයි දේශපාලකයත් නිදොස් කොට නිදහස්. මහජනතාව තමයි මේ අයව පාර්ලිමේන්තු යවලා වැරැද්ද කරලා තියෙන්නේ...
සංශෝධනේට පක්ෂව ඡන්දෙ දුන්නොත් ආපහු නඩු නොදා ඉන්නවා... ඡන්දෙ නොදුන්නොත් ආයෙත් නඩු දානවා... එහෙම නේද? අන්න එහෙම එක එක ඡන්ද එකතු කරගන්න බලන්න..