(යොහාන් භාසුර)
ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම බස් රථවල කොන්දොස්තර මහත්වරුන් නොමැතිව ලබන ජුලි 1 වනදා සිට ධාවනය කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
අදාල බස් රථ ධාවනය කරවීමට පෙර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත් බස් රථයේ රියදුරු මහතා එම ප්‍රවේශපත් නිකුත් කරන බවත් එම නිලධාරියා කීය.
ලොව දියුණු රටවල් වන එංගල්තය සහ ඩුබායි ආදි රටවල් වසර ගණනාකවක සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ එහෙම කළත් ලංකාවේ එහෙම කරනු බැහැ.
හොඳ තීරණයක්... මෙහේ (ඩුබායි) වල කිසිම බස් එකක් රිය සහායකයෙක් නෑ. ටිකට් දෙන්නේ , ගමන් මළු හසුරවන්නේ රියැදුරුමයි. ගමන ආරම්භයට පෙර...
පොඩි ගැටළුවකට හිටින්නේ, අතරමගදී නගින මගීන්ට ටිකට් දෙන්නේ කොහොමද කියන එකයි. බොහෝ සීටීබී බස්රථ ඉන්දියානු ලොරිචැසි බස්. බොඩිය විතරයි බස්. අනිත් සියලුම උපාංග ලොරි තඩියක තියෙන ඒවාමයි තියෙන්නේ. මෙහෙව් තඩි අලියෙක්ව සියලු වෙර ගෙන ආණ්ඩු මට්ටු කරන එක සෙල්ලමක් නොවන බව මේ තීරණය ගත් ළාබාල මනස් ඇත්තන් නොදන්නා හැටි. එංගලන්තය වගේ රටවල දේ උදාහරණයකට ගෙන තියෙන්නේ. ඒ වගේ රටවල තියෙන්නේ ඉතා ඉහළ තාක්ෂණයෙන් නිපදවා ඇති ඉතා පහසුවෙන් ධාවනය කළ හැකි බස්රථ බව මේ තීරණ ගන්නා බාලයින් හට අවබෝධ වී නැහැ. මේ රටේ තියෙන සීටීබී බස් කබල් වලට ඒවා සමාන කරලා. අපේ රියැදුරන් පව්. හරකා, බල්ලා, එළුවා, බයිසිකල් කාරයා ඇතුළු හැමෝම ගමන් කරනා පාරවල්වල එංගලන්තේ වගේ වාහන පදවන්න පුළුවන්ද? මෙහෙව් රටේ පාරවල්වල සොච්චම් පඩියකට අපේ රියැදුරන් මේ කසිකබල් බස් පදවනවාට ඔවුන්ට සම්මාන දිය යුතුයි. එහෙව් එකේ, දැන් රියැදුරාට මඟීන්ගේ වගකීමත් ගන්න වුණාම වගකීමකින් ඔහුට බසය ධාවනය කිරීමට පුළුවන්ද?
හොඳ ක්‍රමයක්... සුබ පැතුම්. මගීන්ටත් හරි පහසුවක්... හොඳ දේවල්වලට උත්සාහ කරමු...
හොඳ ක්‍රමයක්. බස්රථයට ගොඩවීම ඉදිරි දොරෙන් පමණයි. එහිදී සුදුසු ක්‍රමයකට අවසරපත් ලබාදිය හැකියි. බසයෙන් බැසීම පසුපස දොරෙන් පමණයි. කොවිඩ් කාලයේ දුම්රිය ප්‍රවේශයට යොදාගත් ක්‍රමයත් අඩුපාඩු හදාගෙන හරි පවත්වාගෙන ගියා නම් මේ වනවිට සෑහෙන දියුණු කරගන්න තිබුණා. අපේ රටේ මිනිස්සු තාක්ෂණය යොදාගන්න කැමති නැහැ. තමන් නැතුව ඕවා කරන්න බැහැ කියලා හිතන, වැඩ්ඩෝ කියලා හිතන් ඉන්න ලිං මැඩියන් බොහෝ දෙනෙකුට තමන්ගේ එකම පුරුද්දට වඩා වැඩි තාක්ෂණයක් දන්නේ නැහැ.
අනේ ... පව්.. තමන් විතරක් සියල්ල දන්නවා කියා හිතන ළිංමැඩියා තමයි ඔයවැනි කතා කියන්නේ. තම අදහස හරියට ගලපා ලියන්න දන්නේ නැති භාෂා පරිචයක් නොමැති ගොබ්බයින් තමයි අනුන්ට ළිං මැඩියා කියන්නේ... අන් අයගේ මතය නුරුස්සන එයට නිවැරැදි තාර්කික උත්තරය දෙන්න නොදන්නා අනුවණයා අන්තිමට කියන්නේ, ඔයා ඔහොම නෙමෙයි ඔලුව බිම තියන් කිව්වත් මං ඕක පිළිගන්නේ නැහැ කියලයි. ඔබත් අන්න ඒ වගේ කෙනෙක්. ඒකේ කිසි සැකයක් නැහැ...
පසුපසට ගන්නකොට බලන්නේ?
මේක ඉතා හොඳ ක්‍රමයක්... ලංගමයේ පාඩුව අවම කරගන්න පුළුවන් ලෝකයේ බොහෝ රටවල කාලයක් තිස්සේ කොන්දොස්තරවරු නෑ...
ඕක නොවෙයි බස් සේවාවේ දැවෙන අවශ්‍යතාවය . මගීන්ට ගුණාත්මක සේවාවක් ලබා දීම. දේශපාලකයන් පිටරටවල අත් විඳින සහ දකින අනෙකුත් සුභසාධන සේවාවන් සහ පහසුකම් මෙරටත් ස්තාපිත නොකිරීමයි අවාසනාව.
බස් එක ආයෙත් පසු පසට එන්නෙ නැහැ. කෙලින්ම ඉස්සරහට තමයි යන්නෙ. එහෙම පසුපසට ගන්නට ඔනෙ උනොත් අපි සපෝට් එකක් දෙමු.