
(රෝෂන් තුෂාර)
වැටුප් වැඩිකර දීමට තරුණ හෝටල් ලිපිකාරිනියගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටියේ යැයි කියන දඹුල්ලේ හෝටල් සමූහ ව්‍යාපාරයක 59 හැවිරිදි මානව සම්පත් කළමනාකාර ඝණකාධිකාරීවරයා ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (06) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනා කරගත වූයේ දිසානායක මුදියන්සේලාගේ දිසානායක නමැති සැකකරු වේ.
2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 47(5) වගන්තිය ප්‍රකාරව පුද්ගලික අංශයේ අල්ලස් ගැනීමක් සම්බන්ධව පවරන පළමු නඩුව ප්‍රකාරව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කරුණු දක්වමින් පැවසීය.
පසුගිය වසරේ අගෝස්තු මාසයේ සම්මත කළ මෙම පනතේ 162 වගන්තිය ප්‍රකාරව ලිංගික අනුග්‍රහය යන වරද සිදු කිරීමට එරෙහිව සැකකරු අත්අඩංගුවට ගත් බව කොමිසමේ සහකාර අධ්‍යක්ෂ සම්බන්දප්පෙරුම මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළාය.
සැකකරු තරුණ සේවිකාවට සියයට 75 ක දීමනාවක් ලබා දීමට සහ වැටුප් වැඩිකර දීමට ලිංගික අල්ලස් ඉල්ලා ඇති අතර හබරණ ප්‍රදේශයේ හෝටල් කාමරයක් වෙන් කරමින් පැමිණිලිකාරිය කැඳවූ අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් බව කොමිසම කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.පැමිණිලිකාරිය ඒ වන විට එම හෝටලයේම තරුණයකු සමග විවාහ ගිවිසගෙන සිට ඇති අතර හෝටල් කළමනාකාරවරයාට දැනුම් දීමෙන් පසුව මෙම වැටලීම කළ බවද කරුණු ඉදිරිපත් කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කිරීමට ඇති බවත්,විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාකිවිසේ ගෙටත් උසේ කිව්වලු...!
නියමයි ! රාජ්‍ය අංශයේ විතරක් නොවෙයි, පෞද්ගලික අංශයේත් නොයෙක් වංචා, දූෂණ සිදූවෙනවා. ඒවායේ බර දරන්න වෙන්නේත් ඒවායින් තමන්ට අවශ්‍ය සේවා සපයාගන්න යන මහ ජනතාවට හා සේවකයින්ටයි. ඒ නිසා ඒවා ගැනත් හොයන්න බලන්න ඕනෑ...!
බටහිර රටවල මෙවැනි නීති අවුරුදු 100කට වැඩි කාලයක සිට ක්‍රියාත්මක වෙනවා. පමාවෙලා හරි අපි මේවා ක්‍රියාත්මක කරන එක ඉතා වැදගත්...
හොඳ වැඩේ... කැමැත්තෙන් එනවා නම් කමක් නෑ... බලහත්කාරකම් කරන එක... හොඳ වැඩේ...
රාජ්‍ය අංශයට වඩා පුද්ගලික අංශයේ මෙවැනි දේ බහුලයි. බොහෝ විට සිදුවන්නේ දෙපාර්ශ්වයේම කැමැත්ත එකඟතාව මත. මෙවැනි නීති නිසා අකැමැත්තෙන් එවැනි හිංසනයකට ගොදුරු වන අයට අප්‍රමාණ සෙතක් සැලසෙනවා...!