
(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කෙටිකතාකාරියක, කිවිඳියක, විචාරිකාවක ලෙස සාහිත්‍ය ක්ෂේත්‍රයට දීර්ඝ කාලයක් සිය දායකත්වය ලබාදුන් ජයන්තා රුක්මණී මහත්මිය අද (03) අභාවප්‍රාප්ත වූවාය.
පසුගිය කාලයේ රෝගාතුරව සිටි ඈ මිය යන විට 71 වන වියේ පසුවූවාය.
ඇය විසින් නවකතා දෙකක්, කෙටිකතා සංග්‍රහ දෙකක් හා පද්‍ය සංග්‍රහ පහක් පළ කරන ලදී.සිනමා, රූපවාහිනී නිර්මාණ හා සාහිත්‍ය මණ්ඩල ජූරි සභිකාවක් ලෙස ද ඇය කටයුතු කළාය.
කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ පශ්චාද් උපාධිය ලැබුවාය. 1978 දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත් වූ ජයන්තා රුක්මණී මහත්මිය රාජ්‍ය සේවයේ විවිධ දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ රැසක සේවය කළාය. අවසාන වරට වෙළඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස සේවය කළ ඇය පසුව විශ්‍රාම ගත්තාය.
ඇය ඇසුරු කළ සැමගේ සිත දිනාගත් නිහතමානී චරිතයකි.
ඇගේ දේහය දැනට තලවතුගොඩ,ශාන්තිපුර පළමුවන පටුමග 262/ජී 5 නිවසෙහි තැන්පත් කර ඇත.අවසාන කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමියට නිවන් සුව ලැබේවා ..!!!
නිවන් සැප ලැබේවා..!!!