
(රෝෂන්තුෂාර)
තරුණියක සමග හෝටලයක සිටි තරුණයකු බිය ගන්වා රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්, කොස්තාපල් හා සිවිල් පුද්ගලයා ලබන 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(09) නියෝග කළේය.
කොට්ටාව පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් ආර්.ඩි එම්. වසන්ත, පොලිස් කොස්තාපල් විජය සුන්දරම් හා ගයාන් මදුශංක නමැති සිවිල් පුද්ගලයා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
පැමිණිලිකාර තරුණයා පිළියන්දල ප්‍රදේශයේ හෝටලයක තරුණියක සමග සිටියදී සැකකරුවන් තිදෙනා විසින් සෝදිසියකට ලක් ලක්කර මුදා හැරීමට නම් ලක්ෂ තුනක මුදලක් ලබා දෙන ලෙසට බිය ගන්වා ඇති බව කොමිසම කරුණු ඉදිරිපත් කළේය.
මේ සම්බන්ධයෙන් ළද පැමිණිල්ල අනුව ලක්ෂ දෙකක මුදලක් රාජකාරී නිල ඇඳුමින් සිට තරුණයාගෙන් ලබා ගැනීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව කරුණු ඉදිරිපත් කළේය.
කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන අවසන් කර කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස දන්වමින් සැකකරුවන් 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙඩිම දැක්ක ගමන් හිතුවෙ ගම්පහ පැත්තෙ කියල, කියවලම බැලුවහම කොළඹ කියලා "තේරුණේ දැන් තමයි"
පොලිසියක් තිබුනේ ඉස්සර. දැන් ලංකාවේ තියෙන්නේ පොලිස් යුනිෆෝම් දාගත්තු අපරාධකාරයෝ ඉන්න කල්ලියක් .
නියමයි, පෞද්ගලික නිදහසට බාධා කරන්න පොලීසියට බලය දුන්නෙ කවුද ? දේශබන්දු ඔය ගෝලයො ටික හදාගන්නා තුරු ඔය මෙහෙයුම් සාර්ථක වනවා බොරු.
පලමුව ශ්‍රි ලංකා පොලිසිය නිති ගරුක අයතනයක් කල යුතුයි .රට ගොඩ නගිමට පෙර .
කැත වැඩක් නේද? සේවයෙන් නෙරපීම වඩා සුදුසුයි...!