IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලක්ෂ 90ක මත් තැපෑලෙන් අල්ලයි

(යොහාන් භාසුර)

රුපියල් ලක්ෂ 90 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී  අත්අඩංගුවට ගත් බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සිවලී අරුක්ගොඩ මහතා පැවසීය.

එහිදී පාර්සල් තුළ එක්ටසි නැමැති මෙතන්පිටමයින් අඩංගු මත්පෙති 150 ක් කුෂ් ගංජා විශේෂය ග්‍රෑම් 466g සහ කොකේන් ග්‍රෑම් 10 ක් සොයා ගත් බවත් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ කළ ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු වේ යයි සැක පිට පාර්සල් 10 පරීක්ෂණ කටයුතු සඳහා නවතා ගත් බවත් ඒ මහතා කීය.

මෙම පාර්සල් කැනඩාව, එංගලන්තය සහා නෙදර්ලන්තය සිට දෙහිවල, වැල්ලවත්ත ,වේයන්ගොඩ, අනුරාධපුර යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබූ බව කී ඒ මහතා ඒවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කර ගත් බව ද සඳහන් කළේ.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කළ මෙම මෙහෙයුමට  තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය ද ලැබී තිබුණු බවත් පරීක්ෂණ කටයුතු අවසානයේ මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිත බවත් රේගු මාතෘ ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

ලක්ෂ 90ක මත් තැපෑලෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site