
(දිලීප් ජයසේකර සහ සනත් ගමගේ)
හම්බන්තොට යුද්ධ හමුදා බුද්ධි අංශයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව රුපියල් ලක්ෂ 80ක් වටිනා අම්බර් කිලෝ 08ක් සමග සැකකරුවෝ දෙදෙනෙක් මාතර දෙවි නුවර ප්‍රදේශයේදී මාතර අපරාධ කොට්ඨාශ නිළධාරීන් විසින් අද (20) සවස අත් අඩංගුවට ගනු ලැබූහ.
මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ මිරිස්ස පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු හා වැලිගම 34 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.
සැකකරුවන් පිලිබදව හම්බන්තොට යුද්ධ හමුදා බුද්ධි අංශ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව දකුණු පළාත් නියොජ්‍ය පොලිස්පති වරයා යටතේ ක්‍රියාත්මක මාතර අපරාධ කොට්ඨාශ විමර්ශන ඒකකයේ නිළදාධාරීන් එකව මෙම වැටලීම සිදුකර තිබේ.
තල් මසුන්ගේ ශරීරයෙන් ලබා ගන්නා අම්බර් ලොව මිලෙන් අධිකම සුවද විලවුන් නිශ්පාදනය සදහා යොදා ගන්නා අතර,ලංකාව තුල අම්බර් අලෙවිය හා ලග තබා ගැනීම තහනම් ය.ඊට හේතුව තල්මසුන් මරා දැමීමට ජනතාව පෙළබෙන නිසාය.අත් අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සදහා ගන්දර පොලීසියට බාර දී ඇති අතර සැක කරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ වැවෙන වල්ලපට්ට ශාකය සුවද විලවුන් සෑදීමට ගන්නනවාකියනවා නමුත් ඒවා වගාවට රජයේ අවධානයක් නැහැ වර්තමානයේ එම ශාඛායේ අවුරුදු හත අටක් වයස ගසක්වත් ආරක්ෂා කරන්න බැහැ මුලත් සමග ගලවාගෙන යනවා ඒවා ගැන බලන්න
වෙන රටවල තල්මසුන් ඇතිකරනවද?