( ෂේන් සෙනෙවිරත්න )

මහනුවර පූර්ණවත්ත ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 80 ක මුදලකට ව්‍යාජ මුදල් දමා එම ව්‍යාපාරිකයා පොලිසියට හසුකොටදී ,මුදල් කොල්ලකෑමට උත්සාහ කළ බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් හතර දෙනකු මහනුවර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

මහනුවර මූලස්ථාන පොලිසියේ හදිසි ඇමතුම් අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ව්‍යාජ මුදල් තොගයක් අත්අඩංගුවට ගැනීමට යන බව පවසා රාජකාරී ගමනක් යොදාගෙන කොල්ලකරුවන් සමග එකතු වී කොල්ලය සිදු කිරීමට සැලසුම් කොට ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

ව්‍යාපාරිකයාගේ මුදල් නෝට්ටුවලට මාරු කිරීමට ගෙන ආ බව කියන  ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු තොගයක්ද පොලිස් බාරයට ගෙන තිබේ. සැකකරුවන් කොල්ලකන ලද රුපියල් ලක්ෂ 60 කට ආසන්න මුදලක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ .