(දයාරත්න ඇඹෝගම)
බලපත්‍ර නොමැතිව රුපියල් ලක්ෂ අසු අටක් වටිනා ගවමස් හා එළුමස් කිලෝ 2,800.00 ක් ශීතකරණයක් සහිත ලොරි රථයකින් ගලෙන්බිදුණුවැව සිට නුගේගොඩ දනක්වා ප්‍රවාහනය කරමින් සිටියදි සැකකරුවන් දෙදෙනෙකු සමග පුල්ලේයාර් හන්දිය අසලදි අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අඹන්පොල හා මාලිගාවත්තේ පදිංචි වයස අවුරැදු 56 හා 57 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
අනවසරයෙන් ලොරි රථයකින් ගවමස් ප්‍රවාහනය කරන බවට පොලිසියට ලද තොරතුරක් මත පුල්ලේයාර් හන්දිය අසල සේවයේ නිලධාරින් විසින් මෙම ලොරි රථය නවතා පරික්ෂා කොට තිබේ.
එහිදි එළ ගවයන්,මී ගවයන් සහ එළුවන්ගේ රැපියල් ලක්ෂ 88 ක් වටිනා මස් කිලෝ 2800ක් සහ එළ හා මි ගවයන්ගේ කදින් වෙන් කළ ඔලු 42 ක්ද එළුවන්ගේ ඔලු 07ක්ද තිබු බව පොලිසිය කියයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට සුදානම් වන අවස්ථාවේදි වැටලිම සිදුකළ කොට්ඨාශ අපරාධ විමර්ශණ කාර්යංශයේ ස්ථානාධිපති චමින්ද ගුණසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරින්ට සැකකරුවන් විසින් රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ලබාදි අත්අඩංගුවෙන් මිදිමට දැඩි උත්සහයක නිරතවුවද ස්ථානාධිපතිවරයා විසින් එම ඉල්ලිම ප්‍රතික්ෂේප කොට සැකකරුවන් අනුරාධපුර මුලස්ථාන පොලිසිය වෙත රැගෙන ආහ.
සැකකරැවන් අද (09)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 80 ක මස් සමග දෙදනකු පොලිස් දැලේ
Kanchana Monday, 10 July 2023 10:23 AM
ඇනිවාර්යයෙන් ඔය සත්තු මරන්න ඇත්තෙ අර සරම කොටාට අඳින අය වෙන්ඩ ඔනෙ