
(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ තිලකරත්න දිසානායක)
රුපියල් ලක්ෂ 80කට විකිණීමට ගෙනා සංරක්ෂිත මුහුදු තල්මසුන්ගේ වමනය, හෙවත් ඇම්බර් යනුවෙන් හදුන්වන කිලෝ 02 ග්‍රෑම් 646 ක් බරින් යුත් කොටස් තුනක් ඒවා ළඟ තබාගත් විශ්‍රාමික ආබාධිත හමුදා සෙබළකු ඇතුළු තිදෙනකු නැදගමුව කෙහෙල්බද්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නැදගමුව නාගවනාරාම පාරේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු හා කලගෙඩිහේනේ පදිංචිකරුවන් වන 48 හැවිරිදි විශ්‍රාමික ආබාධිත යුදු හමුදා සෙබළකු හා 29 හැවිරිදි පුද්ගලයෙකි.
ඉහල වටිනාකමින් යුත් ඇම්බර් තොගයක් විකිණීමට ඇති බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරක් අනුව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් උපාය දූතයකුගේද සහායෙන් වැටලීම තර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇම්බර් විකිණීමේ වරද මොකක්ද? නීත්‍යනුකූල ක්‍රමය රජයට බාරදීමද? මුහුදෙන් අල්ලන මාලුත් රජයට පවරාගෙන විකුණනවාද?
මේ කියන දේ තහනම් භාණ්ඩයක් වන්නේ කෙසේදැයි නොදනිමි. දන්නා කෙනෙක් කරුණාකර පැහැදිලි කරදෙන්නේ නම් කෘතඥ වෙමි...!
ලෝකයේ සම්මත නීතියට අනුව ඇම්බර්වවල අයිතිය ඒක හමු වුණු කෙනාට.. නඩු පවරන්න අයිතියක් නෑ.
මේවා අයිති මනුස්සයාට මිසක් පොලීසියටවත්, හමුදාවටවත් නොවේ. මුහුදේ තියන සම්පත් ධීවරයින්ට අයිතියි. මාළු වගේම අනිත් මත්ස්‍ය සම්පත් ධීවරයින්ට අයිතියි. අධිකරණ තීන්දුවකින් මේක අයිතිකරුවන්ට ගන්න පුළුවන්...
මුහුදේ පණපිටින් ඉන්න මාළු අල්ලලා විකුණන්න පුළුවන් නම්, සතෙක් පිටකරන අපද්‍රව්‍ය ගොඩගෙනත් විකුණන්න බැරි මොකද? මේක විහිළුවක්...
Amber ඇම්බර් යනු තල්මසුන්ගේ වමනයක් නොව, තල්මස් පැටවා උරා බොන අවස්ථාවේදී අහකට යන ක්ෂීරයි. ලවණ ජලයේදී මේවා ඝණ බවට පත්වී රළපහරින් පාවෙමින් ගොඩ ගසා එන සැහැල්ලු , ඉතාමත් සුවඳවත් ද්‍රව්‍යයක්. තවත් අදහසක් අනුව මේ ද්‍රව්‍ය, තල්මසුන්ගේ සංසර්ගයේදී පිටතට පැමිනෙන්නා වූ ශූක්රාණු බවයි. මේ මත දෙකම පිළිගත හැකි නමුත් , වමනය???