IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලක්ෂ 80 ඇම්බර් සමග තුනක් මාට්ටු

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ තිලකරත්න දිසානායක)

රුපියල් ලක්ෂ 80කට විකිණීමට ගෙනා සංරක්ෂිත මුහුදු තල්මසුන්ගේ වමනය, හෙවත් ඇම්බර් යනුවෙන් හදුන්වන කිලෝ 02 ග්‍රෑම් 646 ක් බරින් යුත් කොටස් තුනක් ඒවා ළඟ තබාගත් විශ්‍රාමික ආබාධිත හමුදා සෙබළකු ඇතුළු තිදෙනකු නැදගමුව කෙහෙල්බද්දර ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නැදගමුව නාගවනාරාම පාරේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු හා කලගෙඩිහේනේ පදිංචිකරුවන් වන 48 හැවිරිදි විශ්‍රාමික ආබාධිත යුදු හමුදා සෙබළකු හා 29 හැවිරිදි පුද්ගලයෙකි.

ඉහල වටිනාකමින් යුත් ඇම්බර් තොගයක් විකිණීමට ඇති බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරක් අනුව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් උපාය දූතයකුගේද සහායෙන් වැටලීම තර ඇත.

 



අදහස් (7)

ලක්ෂ 80 ඇම්බර් සමග තුනක් මාට්ටු

Lalla Friday, 01 September 2023 08:45 AM

ඇම්බර් විකිණීමේ වරද මොකක්ද? නීත්‍යනුකූල ක්‍රමය රජයට බාරදීමද? මුහුදෙන් අල්ලන මාලුත් රජයට පවරාගෙන විකුණනවාද?

:       0       30

Perakum Friday, 01 September 2023 09:05 AM

මේ කියන දේ තහනම් භාණ්ඩයක් වන්නේ කෙසේදැයි නොදනිමි. දන්නා කෙනෙක් කරුණාකර පැහැදිලි කරදෙන්නේ නම් කෘතඥ වෙමි...!

:       0       25

kenath rudrigu Friday, 01 September 2023 09:48 AM

ලෝකයේ සම්මත නීතියට අනුව ඇම්බර්වවල අයිතිය ඒක හමු වුණු කෙනාට.. නඩු පවරන්න අයිතියක් නෑ.

:       0       27

Ruwan Friday, 01 September 2023 09:48 AM

මේවා අයිති මනුස්සයාට මිසක් පොලීසියටවත්, හමුදාවටවත් නොවේ. මුහුදේ තියන සම්පත් ධීවරයින්ට අයිතියි. මාළු වගේම අනිත් මත්ස්‍ය සම්පත් ධීවරයින්ට අයිතියි. අධිකරණ තීන්දුවකින් මේක අයිතිකරුවන්ට ගන්න පුළුවන්...

:       0       30

de silva Friday, 01 September 2023 02:38 PM

මුහුදේ පණපිටින් ඉන්න මාළු අල්ලලා විකුණන්න පුළුවන් නම්, සතෙක් පිටකරන අපද්‍රව්‍ය ගොඩගෙනත් විකුණන්න බැරි මොකද? මේක විහිළුවක්...

:       0       17

Perakum Friday, 01 September 2023 03:17 PM

මෙය බලධාරින්ගේ ක්ෂණික අවධානයට යොමුවිය යුතු කරුණකි. වහා සුදුසු නිගමනයකට පැමිණ ජනතාව දැනුවත් කරන්න...

:       1       10

A.C.R PERERA - Saturday, 02 September 2023 09:59 PM

Amber ඇම්බර් යනු තල්මසුන්ගේ වමනයක් නොව, තල්මස් පැටවා උරා බොන අවස්ථාවේදී අහකට යන ක්ෂීරයි. ලවණ ජලයේදී මේවා ඝණ බවට පත්වී රළපහරින් පාවෙමින් ගොඩ ගසා එන සැහැල්ලු , ඉතාමත් සුවඳවත් ද්‍රව්‍යයක්. තවත් අදහසක් අනුව මේ ද්‍රව්‍ය, තල්මසුන්ගේ සංසර්ගයේදී පිටතට පැමිනෙන්නා වූ ශූක්රාණු බවයි. මේ මත දෙකම පිළිගත හැකි නමුත්‍ , වමනය???

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site