
(සුමිත් පොතුපිටිය)
විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස් අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසයට අනුබද්ධව ස්ථාපිත සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීමේ මෙහෙයුම් කණ්ඩායම සමත්ව ඇත.
දෙමටගොඩ චාමර නිරෝෂන් නමැති 47 හැවිරිදි මෙම සැකකරු කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවලට තොග වශයෙන් ගංජා බෙදාහරින බවට බුද්ධි අංශ නිළධාරීන්ට ලද තොරතුරක් මත කඩුවෙල වැලවිට නගරයේ වෙනත් පුද්ගලයකුට ලබාදීම සඳහා කේරල ගංජා කිලෝ දෙකක් ඔහු සන්තකයේ තිබී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.
අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව කඩුවෙල වැලවිට ප්‍රදේශයේ නිවසේ තිබී තවත් ගංජා කිලෝ 23 පොලිස් සිය විසින් සොයා ගත්බව පොලිසිය සඳහන් කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd