
(සුමිත් පොතුපිටිය)
විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස් අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසයට අනුබද්ධව ස්ථාපිත සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීමේ මෙහෙයුම් කණ්ඩායම සමත්ව ඇත.
දෙමටගොඩ චාමර නිරෝෂන් නමැති 47 හැවිරිදි මෙම සැකකරු කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවලට තොග වශයෙන් ගංජා බෙදාහරින බවට බුද්ධි අංශ නිළධාරීන්ට ලද තොරතුරක් මත කඩුවෙල වැලවිට නගරයේ වෙනත් පුද්ගලයකුට ලබාදීම සඳහා කේරල ගංජා කිලෝ දෙකක් ඔහු සන්තකයේ තිබී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.
අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව කඩුවෙල වැලවිට ප්‍රදේශයේ නිවසේ තිබී තවත් ගංජා කිලෝ 23 පොලිස් සිය විසින් සොයා ගත්බව පොලිසිය සඳහන් කරයි
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
238
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි