(ටී.කේ.ජී.කපිල)
රුපියල් හතලිස් හය ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති "හරිත මාවත'' ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අද (30) අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු හලාවත , මාරවිල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ , විදේශීය නිෂ්පාදිත දුම්වැටි 31,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 155 ක් සගවා ගෙන තිබුණි .
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොහු අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd