
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගොත අසංඛ නැමැත්තාට අයත් ගිනි අවි ගබඩාව සිය නිවසේ රහසිගතව පවත්වාගෙන යමින් මත් ද්‍රව්‍ය ජාවාරම ද සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර මූලස්ථානයේ සැකකාර නියාමකවරයා ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එම ජාවාරමට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සමග රුපියල් ලක්ෂ 40කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු ගෑම් 373 ක් හා 9 එම් එම් වර්ගයේ ජීව උණ්ඩ 12 ක් පොලිස් බාරයට ගෙන ඇත.
කඩවත මංකඩ පාරේදී සහ පෑලියගොඩ වැලි පාර ප්‍රදේශයේදී එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd