(උපාලි රණවීර)
විදේශ රැකියා ලබාදෙන බව පවසා යක්කල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් තිස් ලක්ෂයක මුදලක් ලබාගෙන එකී මුදල වංචා කිරීමේ චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශණ අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරකරන ලද හිටපු අමාත්‍යවරයකු වන මනුෂ නානායක්කාර මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් හා ඔහුගේ සොහොයුරුක වන බව කියන අයකු ගම්පහ වැඩ බලන මහේත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය ෙ ජනවාරි මස 6 වැනි දින දක්වා රිමාන්ඞ් භාරයට පත් කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයට යක්කල ප්‍රදේශයේ පුද්ගලික විසින් කරන ලද පැමිණිල්ලක් මත මූලික විමර්ශනවලින් අනතුරුව ගාල්ල වංචාවල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන කියන තිසර නානායක්කාර නමැති අයෙකු බිබිල ප්‍රදේශයේ සිටිය දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමන් භාරයට පත් කෙරිණ
සැකකාර පුද්ගලයා පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ හතලිහක මුදලක් නෙදර්ලන්තයේ රැකියාවක් ලබා දෙන බව පවසා ඉල්ලා ඇති අතර එම මුදලින් රුපියල් තිස් ලක්ෂයක් අවස්ථා දෙකකදී රුපියල් ලක්ෂ 15 බැගින් එම සැකකරුගේ පෞද්ගලික බැංකුව ගිණුමකට තැන්පත් කොට ඇති බවත් මෙහිදී අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පවසා සිටියහ.
තවද 2019වසරේ සිට2024 සැකකරුගේ ගාල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ගිණුමකට පුද්ගලයන් විසි අට දෙනෙකු විසින් රුපියල් කෝටි විසි හතකට ආසන්න මුදලක් තැන්පත් කොට ඇති බවත් සැකකරු අවස්ථා කීපයකදී එම මුදල් ආපසු ලබාගෙන ඇති බවත් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පවසා සිටියහ.
මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා සිට එම නිලධාරීහු සැකකාර පුද්ගලයා හිටපු අමාත්‍යවරයකු වන මනුෂ නානායක්කර මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර පසුව එම තනතුරින් ඉවත් විදේශ රැකියා ලබා දෙන ආයතනයක් පවත්වාගෙන යමින් එම හැඳුනුම්පත ද භාවිත කොට ඇති බව මෙහිදී කරුණු අනාවරණය කළේය
(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2013 සිට 2023 දක්වා සිටි "සියලු මැති ඇමැතිවරුන් නියොජ්‍ය ඇමැතිවරුන්" ඇතුළුව සහ නිලධාරීන්ට මුදල් අල්ලස් වශයෙන් ලබාගැනීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ චෝදනා එල්ල විය. මැදපෙරදිග යන්නා වූ කාන්තාවන් ඔවුන්ට ලැබීමට තිබෙන්නා වූ රැකියාවන් සහ වෙනත් කරණා කියමින් ගම් දන්වුවල අහිංසක කාන්තාවන් රස්තියාදු කරමින් ඔවුන්ව බියකර ලිංගික අල්ලස් ගත් නිලධාරීන් සහ Ticket agents ලා සිටිනා බව කියැවේ. එසේ සිටින්නේ නම් මේ පිළිබඳව සමාජ මාධ්‍ය මගින් එම කාන්තාවන්ට අවස්ථාවක් ලබාදුනහොත් ඔවුන් facemask දමා හෝ දුෂිතයින් පිළිබඳව මාධ්‍යයට හෙළි කරනු ඇති...
දැන් සැපද? මනූෂ ඇමැතිලා කරලා තියෙන වැඩ...
හොඳ වැඩක්...
ඇත්තෙන්ම වංචා කළ මුදල මේ වගේ විසි තිස් ගුණයක්. තම සොහොයුරාගේ පට්ටම්වලින් මහඟු ඵල නෙලාගෙන තිබෙනවා. දෙන්නම පට්ට හොරු.
මේවට අමනුෂ්‍යයිනුත් සම්බන්ධයි.
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු... කපුටු කාක් කාක් කාක්..
රටේ යුෂ කොච්චර බිලා ද මේ හොර දේශපාලුවන්, ඒ අයගේ ඥාතින් ?
අවුරුදු 75 ක් ඔහොම කරපු උන් තමයි කෑගහන්නේ දැන් ආණ්ඩුවට... මොකුත් තාම වැඩක් කරේ නෑ කියලා
එක්නැලිගොඩ ඝාතනය කළ බවට ඇහින් දුටු සාක්ෂියක් දැන් තිබෙනවා. ගෝඨාටත් බඩු හරි. රාජපක්ෂලා සෙට් එකම කල්දේරම් බත් පෝලිමට සෙට් වෙන්නයි යන්නේ.
මේවා අදාළ නැහැ, ඒ අයගේ හැටි ඔහොම තමයි. ඒ වැදගත් අය ඒක අදාළ නැහැ අපට හාල් පොල්ම දියල්ල, ඒවායේ අස්වැන්න කවදා එන එක අදාල නැහැ, කිිරිබත් කන්න රතුහාල්ම දියල්ල, අපි ඔර්ජිනල් වහල්ලු
වැඩේ හරි වගේ. ඉතිරි ඒවාත් වැලට එයි... මේකට අයියත් සම්බන්ධයි නේද..?