(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ඩුබායි රාජ්‍යයේ සිට .මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන "පෑලියගොඩ කලණ "නැමැත්තාගේ, මත්ද්‍රව්‍ය ජාලය මෙරට මෙහෙයවන " "බොරලැස්ගමුවේ බෙන්සි" නැමැත්තා රුපියල් ලක්ෂ 30 කට ආසන්න වටිනා කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයකු. අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් සමග අත්අඩංගුවට ගෙන ඇත.ප්‍රධාන සැකකරු සමඟ කොකේන් මත්ද්‍රව්‍ය ගෑම් 50 ක් අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 5 ක් ස්මාට් වර්ගයේ ජංගම දුරකථන 6 ක් ඇතුළු දුරකථන 9 ක් , විද්‍යුත් තරාදියක් , අයිස් මත්ද්‍රව්‍ය පැකට් කිරීමට ගන්නා ඉටි කවර රෝලක් , ගම් ටේප් රෝලක් පොලිස් භාරයට ගෙන ඇත.
පිළියන්දල ගැඩබුවාන අලුත් පාර ප්‍රදේශයේ බෝඩිම් කාමරයක රැඳී සිටින පුද්ගලයකු මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුකරන බවට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd