IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලක්ෂ 20ක හෙරොයින් සමඟ ‘හබරකඩ කසුන්ගේ‘ ගෝලයා මාට්ටු

(කේ බුද්ධික කුමාරසිරි)


ඩුබායි හී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවකු වන "හබරකඩ කසුන්" නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ඔහුගේ සමීපතමයෙකු වන අයෙකු රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමගින් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂක වීරසිංහ මහතාගේ ප්‍රමුඛත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් සමත්ව ඇත.

 විශේෂ පොලිස්‌ කණ්ඩායම් අතුරින්  බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව මෙහෙයුම්වල නිරත මෙම පොලිස් කණ්ඩායමට එම කණ්ඩායමට අනුයුක්ත පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරියා විසින් ලබා දුන් තොරතුරක් මත සැකකරු හෝමාගම පනාගොඩ පැලෑදගොඩ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් ඩුබායිහි වෙසෙන හබරකඩ කසුන්ගේ දැනුම් දීම මත අදාළ මත්ද්‍රව්‍ය තොග යතුරුපැදියක් භාවිතා කරමින් පනාගොඩ නවගමුව දැඩිගමුව වැලිපිල්ලෑව හෝමාගම මීගොඩ අතුරුගිරිය ආදී ප්‍රදේශවල අදාල තැන් වලට රැගෙන ගොස් භාරදීම් කටයුතු සිදුකරන බවට අනාවරණය වී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පනාගොඩ පැලෑදගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 44 හැවිරිදි පුද්ගලයෙකි.



අදහස් (0)

ලක්ෂ 20ක හෙරොයින් සමඟ ‘හබරකඩ කසුන්ගේ‘ ගෝලයා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site