IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලක්ෂ 20ක් පැහැරගත් බොරු කපිතාන් මාට්ටු

(බී.ජී.චතුරංග)

පූනෑව නාවික හමුදා කඳවුරේ කැප්ටන්වරයකු ලෙස ව්‍යාජ රංගනයක යෙදී, කදවුර තුළ ඇති ඩීසල් සහ එන්ජින් ඔයිල් තොගයක් අඩු මිලට දෙන බව පවසා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ විස්සක් රැගෙන පලා ගිය සැකකරුවන් දෙදෙනකු දහවල් අත්අඩංගුවට ගත් බව පූනෑව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉබ්බාගමුව වඩුපොල සහ උඩවෙල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 32 සහ 34 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.

පූනෑව නාවික හමුදා කඳවුරේ කපිතාන්වරයකු ලෙස රඟපා මැදවච්චිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට දුරකථන ඇමතුමක් ලබාදී ඩීසල් බැරල් විස්සක් සහ එන්ජින් ඔයිල් බැරල් දහයක් තිබෙන බවත්, ඩීසල් බැරල් එකක් රුපියල් ලක්ෂයකට සහ එන්ජින් ඔයිල් බැරල් එකක් පනස් දහසක් වැනි අඩු මුදලකට ලබා දිය හැකි බව දන්වා තිබේ.

පසුව එම ව්‍යාපාරිකයා එයට කැමැත්ත පළ කර රියදුරු සහ තම පුතුන් දෙදෙනා සමග කදවුර ඉදිරිපිටට පැමිණි අවස්ථාවේදී කඳවුරේ ගේට්ටුව අසල සිටි අයකු තමන් කැප්ටන් යැයි පවසා, කඳවුරට ලොරිය ඇතුළු කිරීමට නම් එහි තිබෙන මුදල්, හැදුනුම්පත් අංක ලබාදී ගේට්ටුවෙන් අවසර පත්‍රයක් ලබා ගත යුතු යැයි පැවසීමෙන් අනතුරුව, ව්‍යාපාරිකයා විසින් හැඳුනුම්පතක් සහ ලක්ෂ 20 ක මුදල සැකකරු හට ලබා දී තිබූ බව පොලීසිය සඳහන් කළේය.

කඳවුරේ ගේට්ටුව අසලට ගිය සැකකරු එම ස්ථානයේ සිටි සෙබළකු සමග කතා කර, නැවත පැමිණ හැඳුනුම්පත ලබා දී කදවුර ඉදිරිපිට ඇති ඒ.ටී.එම් යන්ත්‍රය අසලට ගොස් එම ස්ථානයේ තිබූ යතුරු පැදියක නැගී අධික වේගයෙන් පලා ගොස් තිබූ බව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිසිය පවසයි.

මැදවච්චිය නගරය දෙසට පලා ගිය යතුරු පැදිය පසු පස ලොරි රථයෙන් හඹා ගිය ව්‍යාපාරිකයා ඇතුළු පිරිස පොලිසිය දැනුවත් කිරීමෙන් පසු, රථ වාහන රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් දෙදෙනකු සංඥා නිකුත් කළද, සැකකරුවන් යතුරු පැදිය නතර නොකර පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.

එම නිලධාරීන් දෙදෙනා යතුරුපැදියේ අංකය සටහන් කර ගැනීමෙන් අනතුරුව සියලු රථ වාහන අංශ නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබූ අතර, එහිදී එම මාර්ගයේ ඉකිරිගොල්ලෑව රථ වාහන රාජකාරියේ නිරතව සිටි අධිවේගී යතුරු පැදි නිලධාරීන් දෙදෙනකු මුදල් ද සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 



අදහස් (1)

ලක්ෂ 20ක් පැහැරගත් බොරු කපිතාන් මාට්ටු

Prabha Tuesday, 31 January 2023 04:07 PM

රජයේ දේපල හොරා කන්න ගිය ව්‍යාපාරිකයාටත් නඩු දාන්න ඕනේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site