(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනා කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවකු කිරුළපන ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත

සැකකරු කේරල ගංජා තොගයක් අලෙවි කිරීමට සූදානමින් සිටින බවට ලද තොරතුරකට අනුව භට පිරිස් මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ කේරල ගංජා කේරළ ගංජා කිලෝ 6 ට අධික ප්‍රමාණයක් තිබී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ඔහු සහ කේරල ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා කිරුළපන පොලිසියට බාර දී ඇත.