
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ පද්මා කුමාරි කංකානම්ගේ)
නාවික හමුදාව හා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකල මෙහෙයුමකදි කුදිරමලේ තුඩුවට බටහිරින් මුහුදු කලාපයෙදී රුපියල් ලක්ෂ 1300 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 434 ක් සමග ඉන්දියන් හා මෙරට ධීවරයින් 10 දෙනකු අත් අඩංගුවට ගත් බව කියයි.
මෙම වැටලිම වයඹ මුහුදු කලාපයට අයත් පුත්තලම කුදිරමලේ තුඩුවට බටහිරින් වු මුහුදේදි සැක සහිත ඉන්දියන් ඩව් යාත්‍රාවක් පරික්ෂා කිරීමේදි මෙම කේරළ ගංජා තොගය සොයා ගැනිමට හැකිව තිබුනී.
උර 9 ක් තුළ ඉතාම සුක්ෂම අයුරින් අසුරා තිබු කේරළ ගංජා කිලෝ 434 ක ප්‍රමානය ඩව් යාත්‍රාවේ සගවා තිබු බව නාවික හමුදාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd