අජන්ත කුමාර අගලකඩ
ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ ලක්ෂ 12 ක ගේ පමණ රැකියා අහිමි වී ඇතැයි ඉකුත්දා පැවැති පැවති සාකච්ඡාවකදීයි අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිසක් අතර ජනාධිපති කාර්යාලයේදී ඉකුත්දා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධව ලක්ෂ 12 ක ගේ පමණ රැකියා අහිමි වී ඇතැයි එහිදී අනාවරණය වී තිබේ .
මාර්ග ඉදිකිරීම්, නිවාස ඉදිකිරීම් ආදිය පමණක් නොව,එම ඉදිකිරීම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන පුද්ගලයන්ට ද සිය ජීවිකාව අහිමි වී ඇතැයි එම සාකච්ඡාවට සහභාගි වූ පිරිස පෙන්වා දී ඇත.
මේ අතර මාර්ග ඉදිකිරීම් වෙනුවෙන් ගෙවීමට ඇති හිඟ බිල්පත් වල වටිනාකම රුපියල් කෝටි දහදාහක් පමණ වන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එහිදි ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
මහාපරිමාණ ව්‍යාපෘති කළ කොන්ත්‍රාත්කරුවන් මෙන්ම,ග්‍රාමීය මට්ටමේ සුළු පරිමාණ මාර්ග ව්‍යාපෘති කළ විශාල පිරිසක්ද ඒ අතර සිටින බව ඇමතිවරයා පෙන්වා දී ඇත. එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කළ් යුතු බවපෙන්වා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ණය අරන් පරාවල් හදමු. එයාපෝට් හදමු. වරයාවල් හදමු. වැඩකට නැති කුළුණු ගහමු. තේරුමකට නැති සංවර්ධන ප්‍රොජෙක්ට් ගහමු, ඒවායින් කොමිස් ගහමු. නිෂ්පාදනය නම් මොකුත් එපා. මොකද ඒවායින් හරි අමාරුයි කොමිස් ගහන්. අපි ට්‍රයි කරමු නිකම් ඉඳලා සල්ලි හොයන්නේ කොහොමද කියලා. මොනවා හරි පිට රටින් ගෙන්නලා මෙහෙ විකුණලා අන්න ඒවගේ දෙයක්.
මුලින්ම සිමෙන්ති මිල අඩු කරලා ටයිල් සහ අනිකුත් ගොඩනැගිලිවලට තිබෙන තහනම ඉවත් කරලා සිටින්න. මේසන් සහ වඩු බාස්ලත් කුලිය අඩු කරලා සිටින්න.