(විමුක්ති එස් රුද්‍රිගු)
රාත්‍රී කාලයේ වෙළඳසල් බිඳ රුපියල් ලක්ෂ 12 කට ආසන්න වටිනාකමින් යුත් ගෑස් සිලින්ඩර් සොරකම් කළ සැකකරුවන් හතර දෙනකු අත් අඩංගුවට ගත් බව රාගම පොලිසිය ප්‍රකාශ කළේය.
එම සැකකරුවන් හතර දෙනා ගණේමුල්ල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පිළිවෙලින් 35, 34, 28, 32 වයසේ පසුවෙන්නන් බව රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ සහ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක දර්ශන අබේරත්න, පොලිස් සැරයන් 27096 උපනන්ද,78997 පෙරේරා,79574 සඳුන්,33250 අසංක,16849 කුමාර,96802 ඉලුක්කුඹුර මහත්වරුන් වැටලීම සිදු කළ බව රාගම පොලිසිය පැවසුවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලක්ෂ 12ක ගෑස් සොරකම් කළ හතරක් මාට්ටු