මල් වෙඩි සංදර්ශන, ගිණිකෙළි සංදර්ශන මැද, ලෝකවාසීන් 2024 නව වසර පිළිගත්තේය. සුපුරුදු පරිදි, මුලින්ම, නව වසර සැමරූ ප්‍රධාන රාජ්‍යයක් වන්නේ නවසීලන්තයයි.
නවසීලන්ත වැසියෝ, ඕක්ලන්ඩ් නුවර පැවැත් වූ අලංකාර මල්වෙඩි සහ ගිනිකෙළි සංදර්ශන සමඟ 2024 නව වසර පිළිගත්හ. පැවැත්වුණු මල් වෙඩි සංදර්ශනය, රාත්‍රී අහස ආලෝකමත් කළ අතර ලේසර් ආලෝකය සහ සජීවිකරණ සංදර්ශනයක් ද ඊට ඇතුළත් විය.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර, සුප්‍රසිද්ධ ඔපෙරා රගහල අභියස මල් වෙඩි සංදර්ශක පැවැත්විණි. ඔපෙරා රගහලේ 50 වැනි සංවත්සරය මෙම 2024 වසරට යෙදී ඇති බැවින්, ඒ, නිමිත්තෙන් රිදී සහ රන් ගිනිකෙළි සංදර්ශනයක් සමඟින් නව වසර සැමරීම සිදුවිය.
මෙට්‍රෝ මැනිලා, බැංකොක්, සෝල්, සිංගප්පූරුව, බෙයිජීං, නවදිල්ලි, මොස්කව්, ඉස්තාන්බුල් සහ ලෝකයේසෙසු ප්‍රධාන නගරවල වැසියෝ 2024 නව වසර පිළිගත්තේ මහත් උනන්දුවකිනි.
අවසන් වරට නව වසර පිළිගැනීමට සූදානමින් සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපද වැසියන්ය.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
51
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලෝකවාසීහු 2024 පිළිගනිති