IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ගිය මවට භයානක බැක්ටීරියක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඕස්ට්‍රේලියාවේ වාසය කරන සිය දියණිය බැලීමට ගිය ශ්‍රී ලාංකික කාන්තාවකට මාරාන්තික බැක්ටීරියාවක් ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

බුරූලි අල්සර් නම් මෙම රෝගය වැළඳෙන පුද්ගලයකුගේ හම එම රෝගයට මුල්වන බැක්ටීරියාව විසින් කා දමනු ලබන බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කළේය.

74 හැවිරිදි එම සිය දියණිය දියණිය සහ ඇයගේ පවුලේ සුවදුක් බැලීමට පසුගිය ජනවාරි මාසයේදී ඕස්ට්‍රේලියාවට පැමිණ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

සය මාසයකට ආසන්න කාලයක් සිය දියණියගේ නිවසේ රැඳී සිටිමින් කාමෙල් ඕස්ට්‍රේලියාවේ සිරි නරඹා ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළේය.

පසුගිය මාසයේ දිනකදී කාමෙල් වේදනාවෙන් කැ ගාසා ඇති බවත් එම අවස්ථාවේදී ඇයගේ එක් අතක් ඉදිමී නිල්පැහැ ගැන්වී තිබී ඇති බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය පැවැසුවේය.

එම අවස්ථාවේදී ඇයට දියණිය පැනඩෝල් ලබාදී ඇති නමුත් ඉන්  රෝගී තත්ත්වය සුව අතට හැරී නොමැති බවත් අනතුරුව  ඇය රෝහල් ගත කර ඇති බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය. මුලදී වෛද්‍යවරුන්ට කාමෙල්ට ආසාදනය වී ඇති බැක්ටීරියාව හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවත් අත පණ නැතිවීම හේතුවෙන් ශල්‍යකර්මයක් මගින් ඇයගේ අත ඉවත් කිරීමට වෛද්‍යවරුන් ක්‍රියාකර ඇති බවත් එරට මාධ්‍ය සඳහන් කළේය.

 



අදහස් (1)

ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ගිය මවට භයානක බැක්ටීරියක්

Nimal Monday, 10 June 2024 06:27 AM

ඉක්මනින් සුවය ලැබේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site