
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාවේ විශ්ව විද්‍යාල සහ වෙනත් ආයතන වල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිළිබඳ සංගණනයක් ආරම්භ කිරීමට ඉන්දියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ කොන්සල් ජනරාල් කාර්යාලය සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉන්දියාවේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට යම් සහායක් අවශ්‍ය වෙතොත් එහිදී ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට මැදිහත් වීමට මෙම ලියාපදිංචිය වැදගත් වන බව මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය,නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ කොන්සල් ජනරාල් කාර්යාලය ලබා දී ඇති වෙබ් අඩවි සබැඳිය ඔස්සේ සිසු සිසුවියන්ට ලියාපදිංචි විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
ඉන්දියාවේ සිටින තම දූ දරුවන් දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකාවේ සිටින දෙමාපියන් මෙම නිවේදනය මගින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දනුවත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල බොහොමයක් නියාමනයෙන් තොරවීම ගැටළුවක්. ලාභ ඉපැයීමට සිසුන්ම ලවා උගන්වන තත්වයක් තියෙන්නේ..! මේවායේ හිමිකරුවන්ට හොර ආචාර්ය උපාධි තමයි වැඩිමනත් තියෙන්නේ. තත්වය පාලනය කරන විශ්වවිද්‍යාල අතළොස්සයි ඇත්තේ... මේවාට වඩා පිළිගැනීමක් ජාතික තාක්ෂණික ඩිප්ලෝමාවකට තියෙනවා...