(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට හැකි සෑම අයුරින් තවදුරටත් උදව් කරන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර් යාලය පවසයි.
ඉන්දියාව තව දුරටත් ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය ලබා නොදෙන බවට පළවූ මාධ්‍ය වාර් තා වලට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකිකයන් මුහුණදෙන දුෂ්කරතා මග හරවා ගැනීම සඳහා ඉන්දියාව මෙම වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 4 ක ද්වි පාර්ශ්වික සහායක් ලබා දී තිබෙන බව ඉන්දීය තානාපති කාර්යාලය පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික දුෂ්කරතා මඟ හරවා ගැනීම සඳහා සහාය ලබා දීමට අනෙකුත් ද්වි පාර්ශ්වික සහ බහු පාර්ශ්වික හවුල්කරුවන් සමගද ඉන්දියාව පක්ෂව කටයුතු කර ඇතැයි ඉන්දීය තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
ඉන්දියාව ද්වි පාර්ශ්වික සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති සඳහා යොදවා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් පමණ වන බව ඉන්දියානු තානාපති කාර්යාලය පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් අංශ සඳහා දිගින් දිගටම උදව් කරන බවත් විශේෂයෙන් දීර්ඝ කාලීන ආයෝජන දිරිමත් කරන බවත් මේ සම්බන්ධව අදහස් දක්වමින් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා පැවසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසල්වැසි ඉන්දියාවේ ආධාර උපකාර නොමැතිව අපහට ඉදිරියට යෑමට නොහැක. එමනිසා ඉන්දියාව ඇතුළු අනෙකුත් සියළුම රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට රජය කටයුතු කළ යුතුයි...!
අපේ රටට අද ලෝකයේ කිසිම පිළිගැනීමක් නැහැ.