(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ක්ෂණික හා දිගුකාලීන සහය දැක්වීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් එවමින් සඳහන් කරයි.
ජනාධිපතිවරයා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් මහ ලේකම්වරයා පවසා ඇත්තේ රට මුහුණ දී සිටින වත්මන් අභියෝග ජයගැනීමට හිතකර පරිසරයක් හා ස්ථාවරත්වයක් ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තීරණාත්මක වනු ඇති බවයි.
අභියෝගවලට මුහුණ දීම සඳහා ජාතික උපායමාර්ගයක් සකස් කිරීමේදී සියලු දේශපාලන පක්ෂ අතර සම්මුතියක් ඇති කර ගැනීමට ජනාධිපතිවරයා දක්වන කැපවීම එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා පිළිගෙන ඇති අතර එසේ කිරීමේදී, මහජනතාව සමඟ අදහස් විමසීම මෙන්ම නීතියේ ආධිපත්‍යය සහ මූලික මානව හිමිකම් මූලධර්මවලට ගරු කිරීම ඇතුළු සියලුම පාර්ශවකරුවන් අතර සංවාදය දිරිමත් කිරීමේ වැදගත්කම ද පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර සහයෝගය ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ක්ෂණික හා දිගුකාලීන සහාය දැක්වීමට සූදානම්ව තිබියදීත් පාර්ලිමේන්තුවේ සිටින්නා වූ දේශපාලන කණ්ඩායම් මේ වනතෙක් රට වෙනුවෙන් කිසිදු එකඟතාවයකට නොපැමිණීම කණගාටුවට කරුණකි. මෙවැනි අර්බුද අවස්ථාවක රට වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සිටිනා දේශපාලන කණඩායම් සහ නායකයන් පක්ෂ, පාට බේද, වරප්‍රසාද අමතක කර එකඟ තත්වයකට නොපැමිණියහොත් ඉදිරි මැතිවරණයට පෙර රටේ ජනතාව පාර්ලිමේන්තුව ඉදිරිපිට 225 ගෝ හෝම් ගම බිහිකරනු ඇත.
ඔය කවුරු සහාය දුන්නත් රටේ ජනතාවගේ සහාය නැති එකනේ ප්‍රශ්නේ...!