IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ලංකාවට ’’මෙටා’’ සහයත් ලැබෙයි

(අංජුල මහික වීරරත්න)

ෆේස්බුක්,වට්ස්ඇප්,ඉන්ස්ටග්‍රෑම් ආදී සමාජ ජාලා රැසක් හිමි ඇමරිකා  බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන මෙටා (Meta)සමාගමේ සහය ගෙන ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන්  ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිව්යෝර්ක්හි මෙටා (Meta) සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා (Sir Nick Clegg) අතර හමුවකදී මෙම කරුණු සාකච්ඡා විය.

මෙම සාකච්ඡාවේ දී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය නව ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

ඒ වෙනුවෙන් ඉදිරියේ දී හඳුන්වා දීමට යෝජිත පනත මඟින්  ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ක්‍රියාමාර්ග ගැනීමට බලපෑමට ලක්වූවන්ට හැකි බව ද ජනාධිපතිවරයා පැවසීය.

එසේම පාර්ලිමේන්තු කාරක සභා සමාලෝචනයේදී මෙම පනතට තවත් සංශෝධන එක් කළ හැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණ අංශයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සැලසුම් පිළිබඳ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  මෙහිදී දීර්ඝ වශයෙන් විස්තර කළේය.

දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි සහ ජනාධිපති ජාත්‍යන්තර කටයුතු  පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 



අදහස් (2)

ලංකාවට ’’මෙටා’’ සහයත් ලැබෙයි

isilanka Wednesday, 20 September 2023 04:25 PM

ගූගල් බැලුනුයි, නොමිළේ ඉන්ටනෙටුයි මතක් වුණා...

:       5       19

chandima Wednesday, 20 September 2023 04:36 PM

සහනේ ලැබිලා නැහැනේ සාකච්ඡා කරලා විතරයිනේ තියෙන්නේ... අන්තිමේ අර වොක්ස්වැගන් ෆැක්ටරිය හදන්න පොල්ගස් කැපුවා වගේ තියෙයි...

:       5       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site