බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට එවා ඇති කසළ කන්ටේනර් සම්බන්ධයෙන් එරට පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එරට පළවන ටෙලිග්රාෆ් පුවත්පත අද (24) අනාවරණය කළේය.
එහි දැක්වෙන්නේ ප්‍රතිචක්‍රීකරණය සඳහා බ්‍රිතාන්‍ය සිට ශ්‍රී ලංකාවට එවන ලද කන්ටේනර් තුළ තිබී මිනිස් ශරීර කොටස් හමු වී ඇති බව ය.
එම පුවත්පත අනාවරණය කළේ, අදාළ කර්ටේනර් යළි බ්‍රිතාන්‍යයට යවන බවට ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රකාශ කිරීමත් සමඟ මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
මීට වසර දෙකකට පමණ පෙර ගෙන්වන ලද කන්ටේනර් 111 තැන්පත් කර තිබූ කොළඹ වරායේ අංගනයකින් අධික දුර්ගන්ධයක් වහනයවීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි ටෙලිග්රාෆ් පුවත්පත අනාවරණය කළේය.
එහි සඳහන් වන්නේ එම කන්ටේනර් තුළ තිබී මෙට්ට සමඟ අතිශය උපද්‍රකාරී ද්‍රව්‍ය සහිත සායනික අපද්‍රව්‍ය, ප්ලාස්ටික් සහ මෙට්ට කොටස් සොයාගෙන ඇති බව යි.
භාවිත කරන ලද මෙට්ට ගෙන්වන මුවාවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති මෙම කසල ද්‍රව්‍ය අතිශය උපද්‍රවකාරී බව මධ්‍යම පරිසර අධිකාරිය උපුටා දක්වමින් ද ටෙලිග්රාෆ් පුවත්පත අනාවරණය කළේය.
බ්‍රිතාන්‍ය මිනිස් ශරීර කොටස් මෙම කන්ටේනර් තුළ ඇති බව තහවුරු වුවහොත්, මේවා සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ අර්බුදයකට මුහුණ දී සිටින N H S රෝහල්වල අපද්‍රව්‍ය බවට විශ්වාස කළ හැකි දැයි ද අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
(125)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමර්ශනයට ඉස්සෙල්ලා ... මේ එවාපු කුණු ආපහු ඇරියානම් නේද හරි..! ඔව්වා ඉතින් අවුරුදු ගණන් යන විමර්ශන.. එතකොට ඉතින් කුණුත්.. කුණුවෙලා තියෙයි නේද..?
ප්රශ්නය සහ වංචාව හිතුවට වඩා ගොඩාක් බරපතලයි වගේ. අදාළ පුද්ගලයා ලංකාවේ ලොකුම සල්ලි කාරයා වුවද බරපතල දඬුවම් ලබා දිය යුතුමයි. රට වනසලා මෙහෙම සල්ලි හොයන උන් තමයි අද ලංකාවේ වැජඹෙන්නේ..
මේවා ගෙන්වපු අය, නිදහස් කරපු අය, ගබඩා කරපු අය, ප්‍රදේශයේ පරිසර නිලධාරි ඇතුළු රැලම, හොයලා ජීවිතාන්තය දක්වා හිරේ දැමියයුතුයි. කරපු අපරාධය නිසා මිනිස්සු කී දෙනෙකුට ලෙඩ හැදෙන්න පුලුවන්ද?
මොන වැරැද්ද කළත් අත්අඩංගුවට ගන්න එපා කියන නියෝග ඉල්ලනකොට නීතිය ඒවාට ඉඩ දෙනකොට මොන ජරා වැඩක් හරි කරන්න භය වෙන්නේ කුමටද? ඒක නිසයි අපි කියන්නේ මේ අවනීති රටට පුරුදු කරන සාටකයන් දේශපාලන භූමියෙන් අතුගාලා දමන්න ඕනේ කියා...
හරි හමන් ප්‍රතිචක්‍රීකරණ හැකියාවක් නැති අපි වගේ රටකට ගෙනාපු අයට හෙන ගහන්න ඕනේ. රෝහල් අපද්‍රව්‍ය මගින් විශාල සෞඛ්‍ය තර්ජනයක් ඇතිවීමට පුළුවනි. එම කුණු ඉවත් කරන අහිංසක සේවකයින් ගැන වුණත් මීට වඩා සෙවිය යුතුයි. ඔවුන්ට බොහෝවිට නිසි පුහුණුවක් හෝ ආරක්ෂිත උපකරණ නොමැති වීම නිසා ඔවුන්ද රෝගවාහක විය හැකිය. වහාම මේවා එංගලන්තයටම යවන්න.
මට පෙනෙන්නේ සුද්දෝ විමර්ශනය කරනවා ඇත්තේ කොහොමද මේ වැඩේ අහු උනේ කියලා..