
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
කොරියානු එක්සීම් බැංකුවේ නිලධාරීන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්යාලයේදී අද (03) හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කර ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණු අවස්ථාවේදී කොරියානු එක්සීම් බැංකුව ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දුන් මූල්‍ය සහාය 2022 -2024 වසර වලදී අත්හිටුවා තිබූ අතර, එම සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම සඳහා සහන පොලී ණය ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව කොරියානු එක්සීම් බැංකුවේ නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයා හමුවේ ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා රජයේ ආර්ථික වශයෙන් ඵලදායී වැඩසටහන් සඳහාද ඉදිරියේදී මූල්‍ය සහාය ලබාදීමට බලාපොරොත්තුවන බවද කොරියානු එක්සීම් බැංකුවේ නියෝජිතයින් අවධාරණය කර ඇත.
කොරියානු එක්සීම් බැංකුවේ අධ්‍යක්ෂ වොන්සුක් හා (Won-suk HA), නියෝජ්‍ය අධ්‍යක්ෂ හනුයි හන් ( Hanui Han) , ව්‍යාපෘති කළමනාකාර නලින් ජයතුංග යන මහත්ම මහත්මීහූ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළග හමන පැත්ත දැන් කාටත් තේරෙනවා, ශ්‍රි ලංකාව සමඟ අත්වැල් බැදගෙන ඉදිරියට යන්න ලෝකය සූදානම් වෙනවා. තව අවුරුදු දහයකින් පමණ ලෝකයේ දියුණු රාජ්‍යයන් අතරට එන්න අපේ රටටත් හැකි වෙයි.
පුද්ගලික බැංකු වලින් ණය අරන් ව්‍යාපෘති කරන්න කිසිම අවශ්‍යත්වයක් නැහැ , මේ තිබෙන ණය ටිකත් ගෙවාගෙන පුළුවන් විදිහට ඉදිරියට යමු , නැතිනම් ඉදිරියේදී ඕවට වාරික සහ පොලි ගෙවන්න ගියහම අපි අමාරුවේ වැටෙනවා , යුරෝපේ රටවල් වල මෙන් රාජ්‍ය සේවය විධිමත් වෙලා පුරවැසිය මුල්තැනට ඇවිත් ,වංචාවෙන් දුෂණයෙන් තොරව රට හරි පාරේ ඉදිරියට යනවා නම් යුරෝපේ , ඇමරිකාවේ , ඕස්ට්‍රේලියාවේ ඉන්න විදේශගත ශ්‍රී ලාංකිකයෝ බලාගෙන ඉන්නවා ලංකාවේ මුදල් සහ දැනුම ආයෝජනය කරන්න