
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබා රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හමුවේ පැවැසුවාය.
කියුබා තානාපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
පසුගිය වසර කිහිපයේ කියුබාව මුහුණ දුන් ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, කියුබාව අඛණ්ඩව ලබා දෙන සහයෝගය පිළිබඳව කෘතඥතාවය පළ කළ අග්‍රාමාත්‍යවරිය කියුබා අගමැතිවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා නිල ආරාධනයක් ද සිදු කළාය.
ශ්‍රී ලංකාව සහ කියුබාව අතර ඇති වසර 65කට ආසන්න දීර්ඝකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම, කියුබානු ආධාර යටතේ ක්‍රියාත්මක කළ දැනට නතර වී ඇති මදුරු මර්දන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම, ශ්‍රී ලංකාවේ පුහුණු ආයතන සහ විශ්වවිද්‍යාල සඳහා වෛද්‍ය හා ක්‍රීඩා අධ්‍යාපනය පිළිබඳ ශිෂ්‍යත්ව පිරිනැමීම, ඇතුලු වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව කියුබාවක් වෙන්න යන බව. මම මීට පෙරත් අනාවරණය කලා.මේ හොඳම ශාක්ෂියයි. රැල්ලගෙ ඇස් ඇරෙන්නෙ ලබන මස 14 පසුවය
සාර්ථකකම ඩෙංගු මර්දනය සහ දියුණු වෛද්‍ය සේවයක් තිබෙන රටක් ලෙස අපි අහල තියෙනව. බටහිර මාධ්‍ය මොනව කිව්වත්. කොහෙන් හෝ මෙම ඖෂධ සඳහා පිටරටට යන මුදල් සහ එම මාපියාව නැති කිරීමට උදව් ගැනීම සතුටක්
NMRA අයත් මාලිමාවට සපෝර්ට් කළාද? තවම වංචා ටික නම් හොයනපාටක් නෑ. දූෂිතම ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙන්න ඇති.
පුද්ගලික රෝහල් නියාමනය කරන්න වැඩපිළිවෙළක් ගේන්න. හිතෙන හිතෙන විදිහට බිල් කඩනවා. ඉන්ෂුවරන්ස් තියනවා කිව්වොත් බිල වැඩිකරනවා.
අපි ඉස්කෝලේ ගිය කාලේ කියුබාවේ විප්ලවය කියලා හොඳ දෙපිට කැපෙන කතාවක් තිබුණා. පරණ අය අහලා ඇති. මේකත් තවත් කියුබාවේ විප්ලවයක් වෙලා ඉවර වෙන්නද යන්නේ...