(විමුක්ති එස් රුද්‍රිගු)
කොළොඹ වාරය නගරය පසුගිය දා ලක්දිව මුහුදට මුහුණලා කෘතිම වෙරළක් නිරාවරණය කළ බවත් කිලෝමීටර 1340 වෙරළ තීරයකට උරුමකම් කියන ආර්ථික අර්බුදයෙන් බැට කමින් සිටින ශ්‍රී ලංකාවට මේ මොහොතේ අවශ්‍ය කෘතීම වෙරළ තීරයක්ද යන්න කොළඹ නගරයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ කණසල්ලට හේතුවක් වී ඇති බවත් අල්-ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත.
අක්කර 665 ගොඩ කරමින් ඉදිවන කොළොඹ වාරය නගර ව්‍යාපෘතිය තිරසාර නොවන බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශේෂ වාසියක් අත්කර නොදෙන බවත් එය දැඩි බදු බරින් සහ ආර්ථික අර්බුදයකින් පීඩා විඳින ශ්‍රී ලංකාවෙන් වෙන්වූ බදු බරින් නිදහස් සිහිනලන්තයක් බවත් විචාරකයෝ චෝදනා කර ඇතැයි අල්-ජසීරා පුවත් සේවය පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් වරාය නගරය සංවර්ධනය කිරීම භාර චෙක් පෝර්ට් සිටි කොළඹ සමාගම විචාරකයන්ගේ මෙම විවේචන ප්‍රතික්ෂේප කරන බවත් කොළඹ වරාය නගරය දකුණු ආසියාවේ තිබෙන ලොව ප්‍රධාන පෙළේ නගරයක් වනු ඇතැයි පෙන්වා දී ඇති බවත් අල්-ජසීරා පුවත් සේවය සඳහන් කර ඇත.
චෙක් පෝර්ට් සිටි කොළඹ සමාගම චයිනා හාර්බර් ඉංජිනියරින් සමාගමේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් බවද අල්-ජසීරා පුවත් සේවය පෙන්වා දී තිබේ.2041 වසරේදී කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු අවසාන වීමට තිබුණත් ඇතැම් කොටස්වල ඉදිකිරීම් මේ වන විට අවසන් කර තිබෙන බව අල්-ජසීරා පුවත් සඳහන් කර තිබේ.ඉදිකිරීම් අවසන් කර ඇති පදික පාලම සහ කෘතීම වෙරළ පසුගිය දෙසැම්බර් මාසයේදී විවෘත කිරීමට නියමිතව තිබූ නමුත් නරඹන්නන්ට එය නැරඹීමට යාමට අවසර ලබා දී නොමැති බව අල්-ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත.
කොළඹ වරාය නගරයට චීනය හෝ චීන සමාගමක් අයිතිවාසිකම් නොකීවත් අලෙවි කළ හැකි අක්කර 440 ක ප්‍රමාණයෙන් සියයට 65 ක් චීනය ප්‍රධාන කොටස්කරුවකු වන සමාගමකට 99 අවුරුදු බදු පදනමක් මත හිමිවන බව අල්-ජසීරා පුවත් සේවය සඳහන් කර තිබේ.
මෙම ව්‍යාපෘතිය මගින් නව රැකියා 143,375ක් නිර්මාණය වන බවත් වසරකට ඩොලර් බිලියන 13.8ක අමතර ආර්ථික වටිනාකමක් ඇති කරන බවත් චෙක් පෝර්ට් සිටි කොළඹ සමාගම පවසා ඇත.
මෙම ව්‍යාපෘතිය මගින් දිනකට ජල ඉල්ලුම ඝන මීටර් 39,000 කින් ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර එය ප්‍රමාණයෙන් ඔලිම්පික් පිහිනුම් තටාක 15 කි.මෙම ව්‍යාපෘතියට අවශ්‍ය බලශක්තිය ලබා ගැනීම සඳහා මහා පරිමාණ පුනර්ජනනීය බලාගාරයක් පිහිටුවීම ප්‍රයෝගික නොවන බවද අදාළ සමාගම ප්‍රකාශ කර තිබේ.
බොහෝ විචාරකයන් මෙය ශ්‍රී ලංකාවට විශේෂ වාසියක් අත් නොවන තවත් එක් ව්‍යාපෘතියක් බවට විවේචන එල්ල කරන බව අල් ජසීරා පුවත් සේවය පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම අමාරුවක්නේ තියෙන්නේ ලංකාව ගැන...
ලංකාවේ විචාරකයින් මානසික රෝගීන් පිරිසක් බව කවුරුත් දන්නා නිසා මේ විචාර ගැන කළබල විය යුතු නැහැ...
මේකෙන් ලංකාවට කිසිඳු වාසියක් වෙනවාට ඒ ගොල්ලො කැමැතිත් නෑ...
දැනට මාසයක පමණ පෙර හාස්‍ය ජනක සිදුවීමක් වුණා.. රජයට සම්බන්ධ ආයතනයකදී. එදා ඔය කියන පෝට් සිටියේ ලොක්කන් ඇවිල්ලා හිටියා. ලොකුම ලොක්කා ඇවිත් හිටියේ නැහැ... මිනිහා තමයි රාජපක්ෂලාගේ ගෝලයා ප්‍රියත් වික්‍රම. ආචාර්ය හර්ෂද සිල්වා එකම ප්‍රශ්නයයි ඇහුවේ.. එතන හිටපු වැඩ බලන පෝට් සිටියේ ලොක්කාගෙන්, ඒ ප්‍රශ්නය තමයි " කෝ ඔබේ පෝට් සිටියේ වෙබ්සයිට් එක? " කියලා. ලොක්කා අප්සට් වෙලා, වටපිට බලලා, මිනිහා ළඟ හිටපු තවත් හෙන්චයියෙක් එක්ක හෙමින් මුමුනන්න ගත්තා. හර්ෂ ආපහු ඇහුවා මුල් ප්‍රශ්නයම... " දැන් ඒකේ වැඩ අවසන් වෙලා තියෙන්නේ ළඟදීම දානවා "පෝට් සිටි ලොක්කා කිව්වා ඇඹරිලා. හර්ෂ ලස්සන අවවාදයක්ද? නැත්නම් උපහාසයක්ද කියලා කියන්න බැරි නමුත් මේ පොට්සිටියේ තත්වය ගැන කියන අනාවැකියක් මෙන්න මෙහෙම කීවා " වෙබ් සයිට් එකක් නැති ජාත්‍යන්තර බිස්නස් කරන විශාල ආයතනයක් ඔබලා හදන්නේ කොහොමද? දැන් අවුරුදු කීයක්ද? ලෝකය ඔබලා ගැන තොරතුරු ගන්නේ කොහොමද? " කියලා. මට හිතෙන විදිහට ඔය යන විදිහටම අතගගා 2041 වෙනකම්ම මේ හොරු පෝට්සිටියේ නාමයෙන් ජීවත්වේවි. ආයෝජන ගැන නම් මොන කතාද? අපද්‍රව්‍ය කොහාටද දමන්නේ කියලාවත් තවම හරියට තීරණයක් නැහැ?
(දෙවන කොටස) මට හිතෙන විදිහට ඔය යන විදිහටම අතගගා 2041 වෙනකම්ම මේ හොරු පෝට්සිටියේ නාමයෙන් ජීවත්වේවි. ආයෝජන ගැන නම් මොන කතාද? අපද්‍රව්‍ය කොහෙටද දමන්නේ කියලාවත් තවම හරියට තීරණයක් නැහැ... ආපහු කොළඹට එවන්නද හදන්නේ? විදුලිය ,ජලය? මේවා ගැන තවමත් පැහැදිලි තීරණයක් නැහැ. අන්තිමේදී හදලා අවුරුදු 30ක් ගියාට පස්සේ දුපතේ කබොල්ල පුපුරලා, එයින් වාතය කාන්දුවෙලා දූපත හදපු වැලි නැවත මුහුදට බසින්න පටන් ගනීවි, ටිකෙන් ටික... එදා මෙදා ලෝකයේ හදපු එකම කෘතිම දූපතක්වත් අවුරුදු 30කට වඩා "ස්ථාවරව" තිබිලා නැහැ...!!! මුහුද කියන්නේ හරිම ආදරණිය අම්මා කෙනෙක්... වැලි කැට එයාගේ දරුවෝ. ඒ දරුවන්ව මිනිස්සු හොරකම් කරගෙන ගිහින්, දූපත් ගොඩකරනවා... නමුත් ඒ අම්මා ඒවා ඉතාම හොඳින් මතකයේ තබා ගන්නවා. කාලයාගේ ඇවෑමෙන් නියම වෙලාව පැමිණි වහාම, ලැබෙන පළමු නිමේෂයේදීම මුහුද තමන්ට අයිති වැලිටික ආපහු රැගෙන ගිහින් ඒ වැලි ගත්තු තැන්වලටම දමා ගන්නවා. ඒ ස්වභාවික සංසිද්ධිය වෙනස් කරන්න හැකි කිසිවෙක් තවම නම් ලොව බිහිවෙලා නැහැ. දකුණු මුහුදේ චීන්නු හදපු දුපත් ටිකෙන් ටික මුහුදට ඛාදනය වෙන්න පටන් අරගෙන දැනටමත්... දවසක අපට ඉතිරිවන්නේ සුසුම් පමණක්ද?
පෝට් සිටිය කියන්නේ රාජපක්ෂලාගේ සහ චීන්නුන්ගේ හොර ගුහාවක්. ඔය ව්‍යාපෘතිය නිසා රාජපක්ෂලාට ලැබුණු කුට්ටිය තියෙන්නේ චීනයේ බැංකුවල. ගෝඨාභයගේ චීන චාරිකාවත් ඔය මුදල් අප්‍රිකානු රටකට ට්‍රාන්ස්ෆර් කරගන්නලු...