
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව අනාගතවාදී දැක්මකින් යුතුව නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි නිරතව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ දී පැවසීය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර ප්‍රධාන ණය හිමියන් ඒ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟත්වය පළ කර ඇතැයි ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ස්විස්-ආසියානු වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද ව්‍යාපාරික හමුවකට ස්විස්ටර්ලන්තයේ දී එක් වෙමිනි.
ස්විස්ටර්ලන්තයේ දී පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ 54 වන වාර්ෂික රැස්වීමට සමගාමීව මෙය සංවිධානය කර තිබු අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය සහ අනාගත වර්ධන අපේක්ෂාවන් පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිළි කළේය.
2023 වර්ෂයේ දෙසැම්බරයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අදාල වැඩසටහනෙහි පළමු සමාලෝචනය අනුමත කිරීම මගින් 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවට ස්ථාවරත්වයේ සිට යථා තත්ත්වයට පත්වීම සහ වර්ධනය දක්වා ප්‍රවේශ වීමේ වේදිකාව සැකසී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හප්පටසිරි ...මාරයි...මාර දුර දක්නා දර්ශනය මුගේ....එහෙම කියන්නෙ ඇයි...? ඇයි තව ටිකක් දේවල් තියෙනවනෙ ඉතුරුවෙලා මූට ව්කුනන්න..
පරිවර්තකයි අනවශ්‍ය අපේ ජනාධිපති ....ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට ස්තුතියි
අපි ලෙඩ වුනා නම්, ලෙඩ සුව වන්න අපි බෙහේත් ගත්ත නම්, අපිට ප්‍රායෝගික යම් වෙනසක් පේන්න ඕනේ, සුව අතට හැරන්න ඕනේ. එහම නැත් නම්, අපි ගත්තු බෙහේත් වැඩ කරලා නැහැ. ඒ වගේම මෙයා කියන විදියට "ලංකාව හරි පාරට වැටෙමින් සිටිනවා නම්", අපිට දැනන්න ඕනේ. අපිට එහම පෙන්න නම් නැහැ. එහමනම්, ඇයි වැට් බදු වැඩි කලේ?
ලමයින්ට පසල් පොත් නෑ, ඉස්පිරිතල වල බෙහෙත් නෑ, බොහොමයක් දේශපාලුවො හොරු, එලවලු කිලෝ එකක් රුපියල් 2000, මෙයාගෙ ගමන් වියදම් වලට කියල තව ලක්ශ 2000 ක් ඉල්ලනව.
ලංකාවේ සම්පත් කුණු කොල්ලයට බටහිර රටවලට විකුණන එක, ඔවුන්ට අනුව හරි පාර වුණාට, මේ රටට ආදරය කරන ජනතාව ඒක වැරැදි නුසුදුසු පාරක් කියලා හොඳටම දන්නවා. ඒ නිසා තමයි බටහිර පන්නයට හැදුණු රනිල් කවදාවත් විධායක බලතල නොදුන්නේ.. ගේමක් ගහලා විධායක පුටුවට පැනගත්තු රනිල් මේ කරන අපරාධවලට බොහොම ඉක්මණට වන්දි ගෙවන්න වෙයි.
මොනවා නැතත් ඕන තැනක කතාව නම් පුළුවන්...!
ලංකාව කෙසේ වෙතත්, ලංකාවේ මිනිස්සු නම් පාරටම වැටිලා ඉන්නේ රනිල් නිසා... ඔතන කවුරුවත් නැද්ද නැගිටලා රනිල්ගෙන් අහන්න මේක...
හරි, ලංකාවේ අපි නම් පාරට වැටෙමින් සිටිනවා.
මෙයා බයිලා කාරයෙක්...
නොමිලේ කතා කරනවා.......
හරි පාරට කෙසේ වෙතත්.. මිනිස්සු මහපාරටම ඇදල දායි වගෙ මෙකෙ හිටියොත්