IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


’’ලංකාව හරි පාරට වැටෙමින් සිටිනවා’’

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව අනාගතවාදී දැක්මකින් යුතුව  නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි නිරතව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ දී පැවසීය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර  ප්‍රධාන ණය හිමියන් ඒ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟත්වය පළ කර  ඇතැයි  ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ස්විස්-ආසියානු වාණිජ මණ්ඩලය  එක්ව සංවිධානය කරන ලද ව්‍යාපාරික හමුවකට ස්විස්ටර්ලන්තයේ දී එක් වෙමිනි.

ස්විස්ටර්ලන්තයේ දී පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ 54 වන වාර්ෂික රැස්වීමට සමගාමීව මෙය සංවිධානය කර තිබු අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය සහ අනාගත වර්ධන අපේක්ෂාවන් පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිළි කළේය. 

2023 වර්ෂයේ දෙසැම්බරයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට අදාල වැඩසටහනෙහි පළමු සමාලෝචනය අනුමත කිරීම මගින් 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවට ස්ථාවරත්වයේ සිට යථා තත්ත්වයට පත්වීම සහ වර්ධනය දක්වා  ප්‍රවේශ වීමේ වේදිකාව සැකසී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.



අදහස් (12)

’’ලංකාව හරි පාරට වැටෙමින් සිටිනවා’’

Rosa Wednesday, 17 January 2024 11:46 AM

හප්පටසිරි ...මාරයි...මාර දුර දක්නා දර්ශනය මුගේ....එහෙම කියන්නෙ ඇයි...? ඇයි තව ටිකක් දේවල් තියෙනවනෙ ඉතුරුවෙලා මූට ව්කුනන්න..

:       13       37

8 පාස්Wednesday, 17 January 2024 12:15 PM

රෝස වගේ 8 පාස් උගත්තුත් හිතන්නේ තමුන් උගත්තු කියලා...

:       25       10

Lal Wednesday, 17 January 2024 11:49 AM

පරිවර්තකයි අනවශ්‍ය අපේ ජනාධිපති ....ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට ස්තුතියි

:       38       19

Hafeel Wednesday, 17 January 2024 12:43 PM

අපි ලෙඩ වුනා නම්, ලෙඩ සුව වන්න අපි බෙහේත් ගත්ත නම්, අපිට ප්‍රායෝගික යම් වෙනසක් පේන්න ඕනේ, සුව අතට හැරන්න ඕනේ. එහම නැත් නම්, අපි ගත්තු බෙහේත් වැඩ කරලා නැහැ. ඒ වගේම මෙයා කියන විදියට "ලංකාව හරි පාරට වැටෙමින් සිටිනවා නම්", අපිට දැනන්න ඕනේ. අපිට එහම පෙන්න නම් නැහැ. එහමනම්, ඇයි වැට් බදු වැඩි කලේ?

:       6       22

Rata Perata Wednesday, 17 January 2024 12:43 PM

ලමයින්ට පසල් පොත් නෑ, ඉස්පිරිතල වල බෙහෙත් නෑ, බොහොමයක් දේශපාලුවො හොරු, එලවලු කිලෝ එකක් රුපියල් 2000, මෙයාගෙ ගමන් වියදම් වලට කියල තව ලක්ශ 2000 ක් ඉල්ලනව.

:       4       16

Aravinda Monarawila Wednesday, 17 January 2024 01:15 PM

ලංකාවේ සම්පත් කුණු කොල්ලයට බටහිර රටවලට විකුණන එක, ඔවුන්ට අනුව හරි පාර වුණාට, මේ රටට ආදරය කරන ජනතාව ඒක වැරැදි නුසුදුසු පාරක් කියලා හොඳටම දන්නවා. ඒ නිසා තමයි බටහිර පන්නයට හැදුණු රනිල් කවදාවත් විධායක බලතල නොදුන්නේ.. ගේමක් ගහලා විධායක පුටුවට පැනගත්තු රනිල් මේ කරන අපරාධවලට බොහොම ඉක්මණට වන්දි ගෙවන්න වෙයි.

:       4       13

fairoos Wednesday, 17 January 2024 01:16 PM

මොනවා නැතත් ඕන තැනක කතාව නම් පුළුවන්...!

:       3       12

Kazi Shajahan Wednesday, 17 January 2024 02:27 PM

ලංකාව කෙසේ වෙතත්, ලංකාවේ මිනිස්සු නම් පාරටම වැටිලා ඉන්නේ රනිල් නිසා... ඔතන කවුරුවත් නැද්ද නැගිටලා රනිල්ගෙන් අහන්න මේක...

:       4       18

Ratne Wednesday, 17 January 2024 02:34 PM

හරි, ලංකාවේ අපි නම් පාරට වැටෙමින් සිටිනවා.

:       3       16

Don Wednesday, 17 January 2024 06:34 PM

මෙයා බයිලා කාරයෙක්...

:       4       7

upali Thursday, 18 January 2024 08:26 AM

නොමිලේ කතා කරනවා.......

:       0       0

Jayasekara Thursday, 18 January 2024 09:47 AM

හරි පාරට කෙසේ වෙතත්.. මිනිස්සු මහපාරටම ඇදල දායි වගෙ මෙ‌කෙ හිටියොත්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 20 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site