
(සුජිත් හේවාජුලිගේ )
ලංකාවේ සාමාන්‍ය පවුලක් වෙනුවෙන් රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණය මේ වසරේ ජූලි මාසය වනවිට ලක්ෂ 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ සහ මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවසීය.
ඉකුත් වසර පහ සමඟ සංසන්දනය කිරීමේදී ලංකාවේ එක පවුලක් වෙනුවෙන් ගත් ණය ප්‍රමාණය ලක්ෂ විසි හයකින් ඉහළ ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.
රජය එක් පවුලක් වෙනුවෙන් 2019 වර්ෂයේදී ලබාගෙන ඇති ණය ප්‍රමාණය 2211471කි. මේ වසරේ ජුලි මාසය වන විට රජය එක් පවුලක් වෙනුවෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය 4819256 ක් බව පෙන්වා දෙන මහාචාර්යවරයා එක් පවුලක් වෙනුවෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය මේ අනුව 2606563කින් ඉහළ ගොස් ඇතැයි ද සඳහන් කළේය.
එක් පවුලක් වෙනුවෙන් ගත් ණය ප්‍රමාණය සියයට 65 කින් පමණ වැඩි වී ඇත්තේ දේශීය වශයෙන් ලබාගත් ණය හේතුවෙන් බව ඔහු පෙන්වා දුන්නේය.
එක් පවුලක් වෙනුවෙන් ගත් ණය ප්‍රමාණය විදේශ ණය හේතුවෙන් වැඩි වී ඇත්තේ සියයට තිස්පහකින් බව මහා බැංකු වාර්තාවල දැක්වෙන්නේ යැයිද
හෙතෙම සඳහන් කළේය.
මේ අතර 1972 - 78 කාලයේදී අවුරුද්දකදී ඉහළ ගිය ( ණය වැඩිවීම)ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 158කි.
1978-88 කාල සීමාවේදී වසරකදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 1030ක් වශයෙන්ද 1989-93 අතර කාලයේදී අවුරුද්දකදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 2477ක් වශයෙන්ද 1993- 94 කාලයේදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 3371ක් වශයෙන්ද 1995- 2005 අතර කාලයේදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 77118ක් වශයෙන්ද 2006-2014කාලයේදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 25561ක් වශයෙන්ද 2015-19 අතර කාල සීමාවේදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 37525ක් වශයෙන්ද 2020- 22 අතර කාලයේදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 198494 ක් වශයෙන්ද 2022- 24 කාලසීමාවේදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 104287ක් වශයෙන්ද සඳහන් වන බව වසන්ත අතුකෝරල මහතා පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගන්න ණය විද්‍යාත්මකව ගන්න ණය හින්දා හොඳයි... ඉස්සර කවදා කිව්ව ණයගන්න පාලකයෝ ඕනෙද කියලා...
ඔය ණය බරට වගකියන්න ඕනේ දේශපාලකයෝ, සියලුම රජයේ සේවකයෝ සහ සමෘද්ධි අස්වැසුම ලාභීන්... පුද්ගලික අංශය හින්දා තමයි මෙහෙමවත් ඉහගහලා ඉන්නේ. මම මේ කල්පනා කරන්නේ කිසි දෙයක් නිකන් නොගත්ත මම කොහොමද මේකට මදි වුණේ කියලා...
සැප්තැම්බර් 21ට කලින් හැම ශ්‍රී ලාංකික පවුලක්ම ණයවෙලා තිබුනේ ලක්ෂ 37ක් පමණයි. තඹුත්තේගම අනුරගේ රාජ්‍ය පාලන සමයේ, පසුගිය මාස 1 1/2ට පමණක් හැම ශ්‍රී ලාංකික පවුලක්ම ලක්ෂ 11ක් ණය වෙලා තියෙනවා. රට අනුරට - පොහොසත් රටක් ! කොහොමද ටිකිරි මොලේ !
බොරු නොකියන් අමල් බිසෝ... තව කඩේ යමන් අමල් බිසෝ...!
මොවුන් ණය අරගෙන කලේ පැන්ෂන් කාරයින්ට දීමනා දීපු එකයි.
අවුරුදු 70 ශාපය තවත් නාකි ජනතාවට එපා වූ සීයලා ඡන්දේ ඉල්ලන්න එනවා...
ණය ගන්නවා නම් ගන්න ඕනේ ලොවෙත් නැති වෙන්න... හරියට අපේ තඹුත්තේගම සිංහයා වගේ...
ණය ගන්න කියද්දි ජවිපෙට හරියට තරහ යනවා නේ
මෙහෙම තියෙද්දීත් අරයා කට ගහනවා. සුනාමියටයි, බටලන්දටයි නඩු දාන්න.. රට ණය කිරීමට දැඩිව වග කිවයුතුයි..
රටේ යම් නිෂ්පාදනයකුත් වෙලා, අපනයනයත් කරලා, විදෙශ් ශ්‍රමිකයින්ගෙන් සහ සංචාරක කර්මාන්තයෙන් ඩොලර් ආදායමකුත් ලැබිලා, රටත් බංකළොත්, සියළු රටවැසියනුත් ණයයි. කෝ අර දශක හතක පාලනයට ආවඩන බත්කන හරක් ටික...?
අමල්, මේ පුවතේ, පළමුවන වාක්‍ය හරියට කියවලා ඉන්නවාද, විකාර දොඩවන්න ඉස්සෙල්ලා..?
පිටරට වැසියා අනික් අයට කියවන්න කලින් ලංකාවේ සාමාන්‍ය ප්‍රවෘත්ති පොඩ්ඩක් බලලා ඉන්න. ඔයාගේ අනුරයියා ජනාධිපති වෙලා මේ ගතවුණු දවස් 50ට අනුරගේ ආණ්ඩුව රුපියල් කෝටි එක්ලක්ශ දොලොස්දාහක් (මිලියන 1,120,000 ක් රු.1,120,000,000,000.00) ක් ණය ගත්තා කියලා දන්නේ නැද්ද? මේ දවස් 50ට රටේ පවුලක්ව දෙලක්ශ පන්දාහකින් ණය කරා. ඒ ණය සහෝදර ණය කියලා කපනවාද එතකොට?
පිටරටවැසියා මතුරට එන්න ජෙබයියෙක් කියලා නම් හොඳට පේනවා... තියෙන වහල්කමින්...
මිලානෝ, ඒවා විද්‍යාත්මකව ගත්තු ණය. අපි ඒවට මොනවාහරි කිව්වොත් සහෝදරයින්ට මළ පනිනවා. පුනරුදය කියන්නේ ඒකට...!
මිලානෝ වැසියා, ඔයා ඔය කියන ණය ගැන සජබේ හර්ෂ පැහැදිලි උත්තරයක් මාධ්‍ය වලට දීලා තිබුණා. කරුණාකරලා ඒක බලලා ඉන්න බොරුවට කට මැත දොඩවන්න කලින්....!
ණයට කාලා සතුටින් ඉන්න මිනිස්සු. වසර 76 2 මාස පාලකයනි, ස්තුතියි...!