( 125 )
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඉදිරියේ දී අයි.එස් ත්‍රස්ත සංවිධානයේ තර්ජනයට ලක්විය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇතැයි එන්.ඩී.ටී.වී ප්රවෘත්ති සේවය අද (20) වාර්තා කළේය.
ඉන්දීය බුද්ධි අංශය එරට පොලිස් ප්‍රධානීන් ලිපි තුනක් මඟින් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව එම මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සදහන් කරයි.
ඉරාකයේ සහ සිරියාවේ සිය බලය ගිලිහි යාමත් සමඟ අයි.එස් ත්‍රස්ත සංවිධානයේ අවධානය ඉන්දීය සාගර කලාපයට යොමු වී ඇති බැවින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අයි.එස් සංවිධානයේ තර්ජනයට ලක්විය හැකි බව ඉන්දීය බුද්ධි අංශ පෙන්වා දී ඇත.
බුද්ධි අංශ නිකුත් කර ඇති අදාළ ලිපි මඟින් ඉන්දියාවේ ප්‍රහාර එල්ල විය හැකි අවදානම් ප්‍රදේශ කිහිපයක් පිළිබඳව ද සඳහන් කර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ අවම වශයෙන් පුද්ගලයින් 100 ක් පමණ පිරිසක් පසුගිය වසර කිහිපය තුළ අයි.එස් සංවිධානයට සම්බන්ධ වී ඇති බවට අනාවරණය වී ඇත.
අයි.එස් සාමාජිකයින් රට තුළට ඇතුළු වීම වැළැක්වීම සඳහා කේරල වෙරළාශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක් විය හැකි? තව මොනවාද? අපි කවර කාලෙත් ත්රස්තවාදීන්ගේ අවධානයට ලක් වෙච්ච රටක්. පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ජාතිකයෝ කලෙත් ත්රස්තවාදිකම් නෙමේද? සොලීන් වුනත් එහෙම නෙමේද? අපිට ගොඩක් මොලේ පාවිච්චි කරගෙන අවධානයෙන් ඉන්න තමයි තියෙන්නේ සදාකාලිකව..
ලොව අනිකුත් රටවල සිදුවන අමන ක්‍රියාවලියන් සෑහෙන කොටසකට පිටරටවල බුද්ධි අංශ වගකිවයුතු බව සැවොම දන්නා කරුණකි. උදා. ලිබියාව, ඉරාක යුද්ධය , වැනි සිදුවීම් පිටිපස ඇමරිකානු සි.අයි.ඒ./ ඇෆ්.බි.අයි. යන සංවිධාන වල බලපෑම් තිබු බව. කරුණු එසේ හෙයින් මෙවැනි බුද්ධි වාර්තා පිලිබඳ නිසි ඇගයීමක් සියලු බුද්ධි අංශවල විශේෂ අවදානයට ලක් කල යුතුය. නැතිව පාස්කු ඉරිදා සිදුවීම වගේ එක් අයකුගේ ඇගයීමකට පමණක් නිශ්චය නොකළ යුතුවේ.
මොළ හොදා ගත් මුන් සමුල ඝාතනය කල යුතුයි.
ඕක හරිම සරලයිනේ, බලන්න ඇමෙරිකාව ඉන්න හැමතැනම ඔය මුස්ලිම් අන්තවාදී ගැටුම් ඇතිවෙනවා.. මැද පෙරදිග ඔවුන්ගේ වැඩ දැන් කරගෙන තියෙන්නේ, ලිබියාවේ තෙල් සහ රත්රන් ටික ගන්නවා, ඇෆ්ගනිස්තානේ තියෙන ඛනිජ සම්පත්ටික ගන්නවා, ඉරානේ තෙල් ටික ගන්නවා, සිරියාව අල්ලන්න බැරි වුන රුසියාව නිසා, දැන් ඇමෙරිකාවට තියෙන ලොකුම ප්‍රශ්නේ චීනේ. දැන් චීනේ වටකරන්න ආසියාවට එන්න ඕනේ, තායිවානෙට අත දාලා තියෙන්නේ, දකුණු කොරියාවේ, ජපානේ ,පිලිපිනේ ඇමෙරිකාව ඉන්නවා කාලෙක ඉදන්, දැන් ලංකාවට ආවා නම් ඉන්දියාව සහ චීනේ දෙකම බලාගන්න පුළුවන්. ඊළගට පකිස්තානෙට යයි. එතකොට චීනෙම වටවෙලා. ඉන්දියාවත් වටවෙලා.. ලංකාවට බුදුසරණයි.
ලොකයේ, මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය මැඩලීමට ක්‍රියා කළ ප්‍රධාන ම රට ඇමරිකා එක්සත් ජනපදය වන අතර ඊශ්‍රායලය ඇතුලු නේටෝවට (NATO) අයත් රටවල් ඒ සදහා බලවත් ලෙස ඇ. එක්සත් ජනපදයට උපකාර කර ඇත. එසේ නොවන්නට මුස්ලිම් අන්තවාදීන්ගේ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ලෝව බොහෝ රටවල් මහත් ව්‍යසනයට පත් වීමට හේතු වනවා ඇත ඇමරිකානු රජය තම ධනය, තාක්ෂණය, මානව සම්පත් උපයෝගී කොට ගෙන මුස්ලිම් ත්‍රස්තවාදය සහ මුස්ලිම් ත්රස්තවාදයට උපකාරක රාජ්‍ය බලය මැඩ පැවැත්වීම නොවන්නට ලෝකයේ බොහෝ රටවල් මුස්ලිම් අන්තවාදීන්ගේ කෙළි මඩලක් වනවා නොවනුමානය.
මෙච්චර ත්‍රස්ත ප්‍රහාරයක් වෙලත් පාර්ලිමේන්තුවේ තවම නීති කෙටුම්පතක් වත් ඉදිරිපත් උනේ නැහැ මේ අන්තවාදය වලක්වන්න. ISIS පුහුණු වුනු අය අල්ලන්න නීති නැහැ කියපු ලිච්චවී වික්‍රමසිංහ රටේ මුලික ප්‍රශ්න ටික සුක්ෂමව යට ගහල බාල තර්ක වලින් පාර්ලිමේන්තු සැසිය විනාශ කරනවා. මේ අය ගෙදර යවලා දැක්මක් ඇති අවංක නායකයින් පත්කරගන්න ඕනේ.
මට හිතෙන විදියට නම් මේ ISIS කට්ටිය මෙහාට එවන්නේ සහ මෙහෙ ඒ අයව හසුරුවන්නේ එක්තරා බලවත් රටක රහස් ඔත්තු සේවයක් විසින් කියලා. මෙතැනදී සිංහල වගේම මුස්ලිම් මිනිස්සුන්ගෙත් වෙන වෙනම තියෙන තමන්ගේ ජාතියට තියෙන ඇල්ම තමයි ඔවුන්ගේ උපක්‍රම සඳහා යොදා ගන්නේ. මොකද මේ ISIS උපත ලබන්නේත් ඒ අයගේ ආධාරයෙන්. අපේ රට දිගටම චිනෙත් එක්ක ඉස්සරහට එකට වැඩ කරගෙන යාවි කියල හිතල ඒක කඩාකප්පල් කරලා රට අවුල් කරවල ජාති භේද ඇතිකරවල අන්තිමේදී ජාත්‍යන්තරේදී අපිව තව අපහාසත් කරවල මේ අපිට ආදරේට උදව් කරන්න එන විධියට මෙහාට ඇවිත් සදාකාලෙටම මේකේ පැල පදියම් වෙන්න තමයි මේ කියන බලවත් රට හදන්නේ. ඒ හින්ද අපි හොඳට මොලේ පාවිච්චි කරලා වැඩ කරලා මේ උගුලෙන් බේරෙන්න ඕනි.
ජාතිභේද අත් හැර අපේ රට රැකුමට අප සියලු දෙනා අත්වැල් බැඳගමු.