IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලංකාව සැලකිය යුතු දියුණුවක් ලබාගෙන

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කර ඇති අතර ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් ශක්තිමත් නායකත්වය පිළිබඳව බලවත් ප්‍රසාදය පළ කරන බව ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා (Suzuki Shunichi) පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සමඟ පැවති සාකච්ඡාවේදී  ජපාන මුදල් අමාත්‍යවරයා මෙි බව කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේ දී ශ්‍රී ලංකාව එහි පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කර ඇති බවත්, ශ්‍රී ලංකාවේ මෙම අභියෝගාත්මක ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර ප්‍රජාවේ පැසසුමට ලක්ව තිබෙන බවත් ජපාන මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

 ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වයේ පවතින මෙම ධනාත්මක තත්ත්වය සුබවාදී බවත් එයින්  ශ්‍රී ලංකාව කෙරෙහි නිල සහ පෞද්ගලික යන දෙඅංශයයේම ණයහිමියන්ගේ ජාත්‍යන්තර විශ්වාසය වැඩි දියුණු කිරීමේ හැකියාව පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.



අදහස් (10)

ලංකාව සැලකිය යුතු දියුණුවක් ලබාගෙන

Hafeel Friday, 12 January 2024 02:19 PM

ජපන් භාෂාවෙන් මේ මිනිහා කිව්ව එක මෙහේ ඉන්නේ ජනාධිපති මාධ්‍ය අංශය ඔවුන්ගේ වාසියට හරවා ගත්තාද? අනික මේ හාදයා කියන පරිදි රටේ ආර්ථිකයේ යම් දියුණුවක් වෙලා නම්, ඇයි වැට් බදු වැඩි කරන්න ඕනේ...?

:       17       20

Nimal Friday, 12 January 2024 02:52 PM

මෙයත් පොහොට්ටුවේ කෙනෙක්ද?

:       14       8

wimal Friday, 12 January 2024 03:14 PM

සතුටුයි...!

:       5       16

ase Friday, 12 January 2024 03:20 PM

මේ හදයා ලංකාවේ ජීවත්වෙන කෙනෙක්ද? අපි කන හැටි දන්නේ අපිනේ...!

:       11       10

Chaminda Friday, 12 January 2024 04:08 PM

ඉලක්කම් ජිල්මාර්ට් වලින් දියුණු කරලා ඇති, මිනිස්සුන්ගේ ජිවිත නම් අන්තෙටම පිරිහිලා. මැති ඇමැතිලාට විතරයි නැව් නැගලා මුහුදු ගිහින් කාලා හොඳටම බීලා එන්න පුළුවන්. මිනිස්සු හිඟානොකා හිඟාකනවා...!

:       8       10

පිටරැටියා Friday, 12 January 2024 05:52 PM

ජපානෙයි, ලංකාවයි පැටලිලා වගේ? ලන්කාවේ ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත බලලෝභී දේශපාලුවන් ගැන මෙයා මොනවාද දන්නේ...?

:       0       1

වික්කම සිංහ Friday, 12 January 2024 07:59 PM

මෙයා සකේ ගහලා වැඩිවෙලා ජපානේ ගැන කියවනවා...!

:       0       1

Perera Friday, 12 January 2024 09:40 PM

මොවුන් ඇවිල්ලා ආණ්ඩුවේ අයව හම්බවෙලා ගියාට රටේ සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැන මෙලෝ දෙයක් මොවුන් දන්නේ නෑ.

:       0       1

Rohana Saturday, 13 January 2024 07:56 AM

මෙයාලා ජපන් මුදල් ඇමතිත් අන්දලා...!

:       1       1

Jayasekara Saturday, 13 January 2024 09:36 AM

ඒ වුණාට ඉන්න මිනිස්සු මන්ද පෝෂණයෙන් මිරිකිලා... ගන්න ආදායම බිල් ගෙවලාම ඉවරයි. සැලකිය යුතු දියුණුවක් ලබලා තියෙන්නේ අර හොරු 225 ම...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site