
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිත ආයෝජනයන් සඳහා නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (Bonnie Horbach) ප්‍රකාශ කළාය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (Bonnie Horbach) අතර ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැති හමුවේදී මෙම එකඟතාව පළ කෙරිණි.
ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පවතින දිගු කාලීන මිත්‍ර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාවේ සංචාරක, වරාය සහ ආයෝජන ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් නෙදර්ලන්ත රජයෙන් ලබා දිය හැකි සහාය පිළිබඳවද සාකච්ඡා විය.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නිර්මාණ සංරක්ෂණය, කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කටයුතු සඳහා මෙන්ම ශ්‍රී ලාංකිකයින්ගේ අධ්‍යාපන හා පුහුණු කිරීමේ වැඩසටහන් සඳහා නෙදර්ලන්ත රජයේ සහාය ලබාදීමට මෙහිදී එකඟතාව පළ විය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, සංචාරක,වරාය කටයුතු හා ආයෝජන සදහා නෙදර්ලන්ත රජයේ සහාය අපේක්ෂා කරන බවයි.
මෙවර අයවැය යෝජනා මගින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කරුණු අගය කළ තානාපතිවරිය "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන නව මානයකට ගෙන යාම සඳහා නෙදර්ලන්ත රජයෙන් ලබා දිය හැකි සහාය පිළිබඳවද සාකච්ඡා කළාය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපති ඉවාන් රූජෙනස් ( Iwan Rutjens), නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පිළිබඳ ප්‍රතිපත්ති නිලධාරී නාමල් පෙරේරා යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකාවේ වරාය ආයෝජනයට නෙදර්ලන්තය සූදානම්
සමන්ද Friday, 28 February 2025 04:45 PM
දියුණුම රටවල් 24 කට කතාකරන්න ලංකාවේ ප්‍රධාන නගර 24 දියුණු කරන්න ලස්සන කරන්න නගර 24 දියුණු වෙද්දී පළාත ඉබේම දියුණු වෙනවා. ඒ රට වැසියන්ට නෙමිලේ වීසා දෙන්න මාස 6කට විතර..!