
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් අර්බුදයට රුසියාව වගකිව යුතු බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි මහතා සියොල් නුවර පැවති ආසියානු නායකත්ව සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.
එහිදී ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ ස්ථාන වල ආහාර,ඉන්ධන හිඟතාවය සහ මිල ඉහළ යාම හේතුවෙන් නොසන්සුන්තා ඇති වී තිබෙන බවත් රුසියාව යුක්රේන සැපයුම් දාමය අවහිර කිරීම එසේ මිල ඉහළ යාමට සහ හිඟතාවයට එක් හේතුවක් වී ඇති බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි මහතා පැවසුවේය. ඉන්ධන සහ ආහාර මිල අහස උසට ඉහළ යාම නිසා ඇති වී තිබෙන නොසන්සුන්තා කෙසේ අවසන් වේදැයි කවුරුත් නොදන්නා බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.
එසේ සැපයුම් දාමය අවහිර කිරීම තුලින් රුසියාවේ න්‍යාය පත්‍රයට ප්‍රතිලාභ අත් වී ඇතැයි ජනාධිපති සෙලෙන්ස්කි මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සෙලෙන්ස්කි මහත්තයෝ, නොදන්න මගුල් කතා නොකර ඔයා ඇමෙරිකාවට දෙන එක නවත්තනවද?
කිසිඳු දේශපාලන දැක්මක් නැති විකට නළුවකු තම නායකයා කර ගැනීමෙන් යුක්‍රේනයටත් යුද්ධයට බයේ තම හමුදාවේ රැකියාව අතහැර එක්සත් ජනපදයේ ඉන්ධන හලක පොම්පකරුවකු ආපසු ගෙන්වා රටේ ජනාධිපති කරවීම අත් විඳිමින් සිටියි...
තමන්ගේ රට විනාශ කළ තවත් කෙනෙක්... වෙතත් රටවල් ගැන කතා කරනවා. ඇමරිකාව බේරාගන්න ගන්නා උත්සාහය තමන්ගේ රට බේරාගන්නවත් යොදාගන්නේ නැහැ...
මෙයා එයාගේ රට විනාශ කරගත්තා වගේ අපිටත් හෙණ ගහන්නයි හදන්නේ...
මම මොහුව හෑල්ලු කරනවා නොවේ. මොහු දේශපාලනයට එන්න කලින් ඒ රටේ නාට්‍යවල රඟපෑ දක්‍ෂ හිටපු විකට නළුවෙකි..! දේශපාලන අත්දැකීම් නැතිවුනාම රටට වුණුදේ පේනවා නේද?
ඉර අනිත් පැත්තෙන් පෑව්වත් ඒකට වගකියන්න ඕනේ රුසියාව...!
පිස්සුද? අපි ඉන්නේ කාන්තාරයක නෙවෙයි... හොඳ සශ්‍රීක රටක. අපිට කෙළවුණේ මේ ලෝකෙ දෙයක් හරියට කරගන්න ඔලුවක් නැති අපේ මහ එවුන් හොරාකාලා...
යුක්‍රේනියානු භාෂාවේ තියෙන කුණුහරප ටික ඉගෙන ගන්න ඕනෑ මෙයාට උත්තර දෙන්න කලින්.
ඇමෙරිකාවත් එක්ක එකතුවෙලා උද්දච්චකම් පෙන්නන්න ගිහින් හොඳටම කෙළවාගත්තු කෙනෙක් මේ යුක්රේනයේ ජනාධිපති...
සෙලෙන්ස්කි මහතා නළුවකු ලෙස පසුකලක ප්‍රසිද්ධ වුවත්, ඔහු නීති උපාධිධාරියෙකි. ඔහුගේ පියා මහාචාර්යවරයෙකි. යුක්රේන් වැසියන් සියල්ලන්ම එක්සත්ව රුසියාවට මුහුණ දෙන අන්දමින්වත් මෙරට ජනතාව ආදර්ශයක් නොගැනීම අභාග්‍යයකි...