සුප්‍රකට LMD සඟරාව විසින් වාර්ෂිකව සිදුකරනු ලබන සමීක්ෂණයකට අනුව පිට පිටම 18 වැනි වසරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක්වූ බැංකුව ලෙස 2022 වසරේදී කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර සමස්ත සමාගම් ලයිස්තුවේ මෙවරත් සිව්වැනි ස්ථානය රඳවා ගැනීමට බැංකුව සමත්ව තිබේ.
මීට අමතරව, මෙම වර්ගීකරණය කිරීම සඳහා සඟරාව විසින් සලකා බලන කරුණු 12 අතුරින් මූල්‍ය කාර්යසාධනය, අවංකත්වය සහ දැක්ම අනුව බැංකුව සමස්තයක් ලෙස දෙවන ස්ථානයට පත්ව ඇත. මෙම වර්ගීකරණය සඳහා සලකා බැලූ කරුණු අතුරින් තවත් කරුණු 07 කින් බැංකුව සමස්තයක් ලෙස පළමු ආයතන 05 අතරට 2022 වසරේදී පත්ව තිබෙන අතර මූල්‍ය කාර්යසාධනය, ගුණාත්මක හැඟීම, කළමනාකරණ දැක්ම, අවංකත්වය, ආයතනික සංස්කෘතිය, ආයතනික සමාජ වගකීම සහ තිරසාරත්වය, දැක්ම, මානව සම්පත් සහ පිරිස් කළමනාකරණය මෙන්ම අර්බුද කළමනාකරණය ඇතුළු සලකා බැලූ කරුණු 09 ක් අතුරින් ඉහළම ස්ථානය ලබාගත් බැංකුව බවට ද මෙහිදී පත්වී තිබේ.
මෙම ජයග්‍රහණය පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කොමර්ෂල් බැංකුව විසින් මෙවැනි ගෞරවයක් ලබාගත්තේ කැපවීම, අවංකත්වය, යහ ක්‍රමවේද, ඉහළම ගුණාත්මක තත්ත්වය පවත්වාගැනීම සහ නිවැරදි දේ කිරීම තුළිනුයි. මේ අවස්ථාවේ රට තුළ තිබෙන අසීරු සමාජ සහ ආර්ථික වාතාවරණය තුළ වුවත් ‘ජාතික දැක්ම’ අනුව බැංකුව සමස්තයක් ලෙස සිව්වැනි ස්ථානයට පත්වී තිබෙනවා. මෙය බැංකුව විසින් භාවිතා කරන තිරසාර ව්‍යාපාරික ක්‍රමවේද සහ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව තිබෙන ගැඹුරු අවබෝධය ඇතුළු ඉහළම ප්‍රමිති පවත්වාගෙන යාම වෙනුවෙන් බැංකුවේ කැපවීමට ලැබුණු සහතිකයක් ලෙස සඳහන් කළ හැකියි.’
LMD අවධාරණය කර තිබෙන්නේ ගනුදෙනුකරුවන් පිළිබඳ අවධානය, ගනුදෙනුකරුවන් සමග ඩිජිටල් ආකාරයෙන් සම්බන්ධවීම සහ මෙහෙයුම් විශිෂ්ටත්වයෙන් කොමර්ෂල් බැංකුව කොවිඩ් වසංගත සමයේදී කැපී පෙනෙන මෙහෙයුම් රඳවාගැනීමක් කිරීමට සමත්වී තිබෙන බවයි.
595
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලංකාවේ වඩාත් ගෞරවාදරයට ලක්වූ බැංකුව කොමර්ෂල්