(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාව යම් හෙයකින් මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් එය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ 73 වැනි මහ මණ්ඩල සැසියට දුන් පොරොන්දුව කඩ කිරීමක් යැයි යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
යුරෝපා සංගමය ඕනෑම අවස්ථාවකදී ඕනෑම දඬුවමකට මරණ දඬුවම ලබාදීමට පැහැදිලිවම සහ කිසිදු සැකයකින් තොරව විරුද්ධ බවත් ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් එය ජාත්‍යන්තර ප්‍රජාවට, ආයෝජකයන්ට සහ රටේ පාර්ශවකරුවන්ට වැරැදි පණිවුඩයක් ගෙන යන බවත් යුරෝපා සංගමය වෙනුවෙන් එම සංගමයේ ප්‍රකාශක නිකුත් කළ එම පණිවුඩයේ දැක්වේ.
මරණ දඬුවම කෲර, අමානුෂික සහ අවමන් සහගත දඬුවමක් යැයි ද සඳහන් කරන යුරෝපා සංගමය මත්ද්‍රව්‍ය ආශ්‍රීත අපරාධ වැළැක්වීමට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළ ද මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් එම අපරාධ වැළැක්විය නොහැකි බව බොහෝ අධ්‍යයනවලින් අනාවරණය වී ඇතැයි ද යුරෝපා සංගමය නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.
යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය ලබා දී තිබෙන අතර ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ප්රඥප්තිය ඇතුළු ප්රඥප්ති 27 ශ්‍රී ලංකාව සාර්ථකව හා පලදායීව ක්‍රියාත්මක කරන්නේදැයි යුරෝපා සංගමය සමීපව නිරීක්ෂණය කරන බව ද යුරෝපා සංගමය සඳහන් කර ඇත.
රටේ පැවැති අභ්‍යන්තර ගැටුමෙන් පසුව ශ්‍රී ලංකාව නම්‍යශීලී, ප්රජාතන්ත්රවාදී සහ සියලු පාර්ශවවල සහභාගීත්වය සහිත සමාජයක් ගොඩනගමින් විශාල ප්‍රතිපත්තියක් අත්පත් කරගත් බව එම ජයග්‍රහණ ඉදිරියටත් පවත්වාගෙන යමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් යුරෝපා සංගමය තවදුරටත් සඳහන් කර ඇත.
මේ අතර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් ශ්‍රී ලංකාව වසර 43ක් තිස්සේ අනුගමනය කරන ලද ක්‍රමවේදය අනුගමනය කරමින් ඉදිරියටත් මරණ දඬුවම ක්‍රියාත්මක නොකරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් සඳහන් කරමින් එක්සත් රාජධානිය සහ කැනඩාව ද නිවේදන නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඔයාලට බැරි ඔය කතාව ඇමෙරිකාවට කියන්න? ඔය සංවිධානය කියන්නේ යල්පැනගිය වැඩ බැරි පක්ෂග්රාහී කඩාවැටෙන සංවිධානයක්.
බන්ධනාගාරයක් තුල නඩුවක් අහල මරණ දඩුවම් කිරාත්මක කරොත් විතරයි ඔය ඔක්කොම ජාත්‍යන්තර නීති.
අප පවත්නා රජයට අපගේ අදහස් මෙසේ කීමට කැමැත්තෙමු. හැකි ඉක්මනින් මරණ දඩුවමට විරුද්ධ සියලුම රටවල්වලට ප්‍රසිද්ධියේ අරාධනා කර ගිවිසුම් අත්සන්කිරීමට මෙම පාපතරයන් ඒ ඒ රටවලට හැකි ඉක්මනින් පිටුවහල් කිරීමට.ඒ ඒ රටවල් මරණ දඩුවමට විරුද්දනම් මෙම පව්කාරයන් ඒ රටවල් බාරගැනීම වඩාත් සාධාරණ නොවේද ? එසේ බාරනොගනිනම් හැකි ඉක්මනින් මේ" සියලුම පාපතර කාලකන්නින් මරාදැමිය " යුතුය.අපට නාස්ති කිරීමට කාලයක් නොමැත.
ඔව් මරණ දඩුවම දුන්නා කියා කුඩු නවත්වන්න බෑ. ඒ ඔය වගේ රටවල් ඒව හද හද අපේ රටවලට විකුණන නිසා. අනික ඔය පණ්ඩිත කතා අරාබිය හා ඇමරිකාවට කියුවනම් හරි ඉස්සරලම. අරාබියේ තෙල් නිසා උන්ට බයයි ඇමරිකාවේ යුධ ශක්තිය නිසා උන්ටත් බයයි.
නම නම් "මෛත්‍රී" සිත ගැන දන්නෙ නැත, කියමන් යහපාලනය ගැන වැඩ තවම නැත, පව නම් රජ කළත් පල දෙනු අසා ඇත, නුඹ නම් යම රජුගෙ කඩු ගත් සෙයකි අත.
ලංකාවේ අද තියෙන තත්ත්වයත් එක්ක පොඩි මිනිහෙක්ට අධිකරණයෙන් යුක්තිය ඉටු කරගන්න විශාල ධනයක් හා කාලයක් වැය වෙනවා. එතකොට පොඩි මිනිහෙක් තමන් නොකළ වරදකට මරණ දඬුවම ලැබුවොත් මොකද කරන්නේ? සිර දඬුවමක් නම් පස්සේ කාලෙක ඇත්ත හෙළි වුනාම නිදහස් කරන්න හරි පුළුවන්. කවුරු හරි කියනවා නම් හිරේට ගිහිල්ලත් අපරාධ සැලසුම් කරනවා කියලා ඇයි අඩුම ගානේ කැමරාවත් සවි කරන්නෙ නැත්තේ?
ලංකාවේ අද තියෙන තත්ත්වයත් එක්ක පොඩි මිනිහෙක්ට අධිකරණයෙන් යුක්තිය ඉටු කරගන්න විශාල ධනයක් හා කාලයක් වැය වෙනවා. එතකොට පොඩි මිනිහෙක් තමන් නොකළ වරදකට මරණ දඬුවම ලැබුවොත් මොකද කරන්නේ?
සෞර්ය ග්රහයින්ගේ වගතොග මහපොළවට ගෙන්වාගතහැකි තියුණු තාක්ෂණ ඥාණයක් ඇති මිනිසුන් සිටින දියුණු ලෝකයකයි අපි ඉන්නේ කියලා එවන් තියුණු මනසක් නැති අය දත යුතුයි. එවන් තාක්ෂණික මනසක් ඇති දියුණු මිනිසුන් වටා ගොනුවූ ආර්ථික හා අනෙකුත් සියලු වටාපිටාවන් තියුණු වී ඇති මේ ලෝකයේ හරියට දන්නෙත් නැති නොදන්නෙත් නැති බාගෙට තැම්බූ අල වගේ මනසක් ඇති මිනිසුන් බහුල ලංකාව අද මෙසේ වී තිබෙන්නේ එබඳු ගිහි, පැවිදි විවිධ ආගම් අදහන අය මෙවන් දියුණු ලෝකයක් සමග පෑහෙමින් රට පාලනය කළයුතු කලාව නොදැන බහුතර ජන කැමැත්ත ලබාගැනීමට ඒ නොදත් මිනිසුන් රවටන ප්‍රකාෂකර ඔවුන්ගේ ඡන්දෙන් රටේ පාලනය බලය ලබා ගැනීමයි...