(විමුක්ති එස් රුද්‍රිගු)
පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කරන ලෙස මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත කෙටුම්පත ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කරුණක් බවත් එයට විදේශයන්හි මැදිහත් වීම අනවශ්‍ය බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරියාන් මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (27) ප්‍රකාශ කළේය.
එම පනත් කෙටුම්පතට මෙරට සිටින විදෙස් රටවල නියෝජිතයන් අදහස් ප්‍රකාශ කරමින් මැදිහත් වීම කිසිසේත් පිළිගත නොහැකි බවත් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න ඔවුන්ට අදාල කරුණක් නොවන බවත් රුසියාවේ මතය බව තානාපතිවරයා පැවැසුවේය.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ රෙගුලාසි පැනවීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවත් එම පනත් කෙටුම්පතට දේශීය දේශපාලනඥයන් සහ මෙරට සිටින විදෙස් රටවල් නියෝජනය කරන නිලධාරීන් දැක්වූ අදහස් වලට රුසියානු තානාපති කාර්යාලයේ අවධානය යොමු වූ බවත් රුසියානු තානාපතිවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වෙන්න දෙයක් නැහැ... රුසියාව,චීනය... වැනි ඒකාධිපති මිලිටරි රාජ්‍යයන් අන්තර්ජාලයට දක්වන්නේ පුදුම බියක්... ඒ අන්තර් ජාලය හරහා " දැනුම " සන්නිවේදනය වන නිසයි. නිදහස යන්න ඔය කියන රටවල මිනිසුන් අත්විඳින්නේ සාපේක්ෂවයි. පාලකයින් කියන ඕනෑම දෙයක් දේව වාක්‍යයක් ලෙස පිළිගැනීමට ඒ මිනිසුන් හැඩගසා තිබෙනවා. ඒ වගේමයි නවමත, තමරටට බාහිරව තිබෙන රටවල මිනිසුන් විඳින නිදහස " ගැන යමෙක් කතාකළොත් ඔහු "රාජ ද්‍රෝහියෙක්" ලෙස ගැනේ. ශ්‍රී ලංකාවේ පාලකයින් යයි කියාගන්න පට්ට හොරු... රැල මේ පනත ගේන්න හදන්නේ චීනය, රුසියාව,... වගේ රටේ මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බැදීමටයි. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රජකරන රටවල් මේ පනත විවේචනය කිරීම ඉතා සාධාරණයි. ලංකාවේ ම්ලේච්ඡ පාලකයින් මේ පනත ගැන ලෝකයත් සමග " හැප්පෙන්න " ගියොත් එහි අවසානය අපේ ඉන්ටර්නෙට් සම්බන්ධය අහිමි කරගැනීම දක්වා විය හැක... ඒ ICANN වැනි ආයතන ඒ රටවල තිබෙන නිසයි. නුගත්,මෝඩ,ම්ලේච්ඡ ,මිනීමරු ,හොර රන්චුවක් පාලනය කරන රටක, ජනතාවගේ නිදහස ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන රටවල් වලට මගේ ආචාරය...
මේ මොකද රුසියා කලබලවෙලා? මේ රට නිදහස් රටක් බවත් මෙරට රුසියාව වගේ අර්ධ නිදහස් රටක් නොවන බවත්, අපේ රටේ ජනතාවගේ නිදහස වෙනුවෙන් කතාකරන්න ඕනෑම රටකට හැකි බවත්, රුසියානු තානාපති දැනගත යුතුයි.
වොඩ්කා කාලකට වොයිස් කට් දෙන කෙනෙක්...
ඒක ඇත්ත. ඔවුන් කියන විදියට තමයි ලංකාවේ මිනිස්සු ඉන්නත් ඕනේ. යටත් විජිතයක් වගේ...
දී කිරට බළලුත් සාක්ෂි කිව්වේ ඕකට තමයි. චීන එක්කෙනත් කියන්නේ ඕකම තමයි.
දී කිරට බළල්ලූ සාක්කි. රුසියාවේ පුටින්ට විරුද්ධව කතා බෑ ඇතුලේ. ඒත් ඌ තමයි ලෝකෙ ධනවත්ම දේශපාලකයා.
ගන්න එකම පඩිය පක්ෂෙට දෙන අනුර ගේ වත්කම US $ මිලියන 1.3 කියලා ගූගල් කළාම බලාගන්න පුළුවන්. බලයට ආවොත් පුටින් පරදවයි වගේ.