IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලංකාවේ පාලකයන් පත්කිරීමේදී කාන්තාවන්ට වැඩි බලයක් තියෙනවා

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ ඡන්දදායකයයන්ගෙන් සියයට 56 ක් වන කාන්තාවන් මෙරට පාලකයන් පත්කිරීමේ තීරණාත්මක සාධක බවත් එම සුවිශේෂි තීරණයේදී කාන්තාවන්ට සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ හැකිව ඇති බවත් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිනියක් වන පෙරියසාමි දයාබරී මහත්මිය පැවසුවාය.

ජාතික ජනබලවේගයේ රත්නපුර කාන්තා සමුළුව අමතමින් පෙරියසාමි දයාබරී මහත්මිය එසේ කීවාය.

කාන්තාවක් ලෙස තමන් එම සමුළුවට සහභාගී වූයේ ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට 52ක් වන කාන්තාවන් නියෝජනය කරමින් බවත් එයින් ද ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ගෙන් සියයට 56 ක් කාන්තාවක් බවත් පෙරියසාමි දයාබරී මහත්මිය කීවාය.

යහපාලනයක් බිහිකිරීමේ කොටස්කරුවන් ලෙස කාන්තාවන්ගේ භූමිකාව ඉතාම වැදගත් වන නිසා මෙම සමුළුවේදී එකතු වී අපේ අනාගතය සමෘද්ධිමත් කිරීමට අධිටන් කරගත යුතු බව කී ඇය ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ ජාති, ආගම්, කුල මල භේදවලින් තොරව එකා මෙන් අපට ජීවත් වෙන්නට පුළුවන් වේ යැයි විශ්වාසයක් කරන බව ද සඳහන් කළාය.  



අදහස් (3)

ලංකාවේ පාලකයන් පත්කිරීමේදී කාන්තාවන්ට වැඩි බලයක් තියෙනවා

Lelwala Wednesday, 06 March 2024 01:11 PM

අද මාක්ස්වාදය බිහිවුනු රටවල් වලට ඒක එපා නම් අපි මොනවාටද මේ කුණ කරතියාගෙන යන්න හදන්නේ... කාන්තාවන්ට ලෝකයේ දේශපාලනය අවබෝධයක් නොතිබිම මේකට හේතුවයි. නමාගන්න ලෙහෙසියි...

:       29       6

රාජසිරි Wednesday, 06 March 2024 01:26 PM

කාන්තාවන්ගේ තීරණ විනාශයට...!

:       18       6

සෙනෙවිරත්න Wednesday, 06 March 2024 01:37 PM

ලේල්වල, අකුරු බැරිද? මෙතන මාක්ස්වාදී කතාවක් නැහැනේ, කාලීනව සේරම වෙනස් යන බව ඒ පක්ෂය කියලා තියෙද්දි තමුන්නැහැලා මෙතන බිල්ලෝ මවනවා. හොඳයි මෙතෙක් කල් ඔය වාදය මෙහෙ තිබුණේ නැහැනේ, ඉතින් රටට කිරි උතුරලද? තමුන්නැහැලගේ වාදය තමයි බලය ඇති කෙනා හොර‍ා පෙනි පෙනීත් කන එක... ඒක හොඳනම් ඔහොම යමු...

:       5       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site