(යොහාන් භාසුර)
පීඩාවට පත්ව සිටින ජනතාවට එරෙහිව වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරන කුරිරු මර්ධනය මේ වන විට දරාසිටි නොහැකි තරමට වර්ධනය වී ඇති බවත් රට තුළ නිදහස සහ යුක්තිය ස්ථාපිත කිරීමට ක්‍රියාත්මක වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් රැඳවුම් නියෝග යටතේ, චෝදනා ඉදිරිපත්කිරීමෙන් තොරව දින 75 ක් අසාධාරණ ලෙස රඳවා සිටීම පිළිගත නොහැකි බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයන් නිදොස්කොට නිදහස් කරමින් ගෙනයන වැඩපිළිවෙල ජනතාව මුලාකරන නාටකයක් පමණක් බව අගරදගුරුතුමා වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාම සාධක හමුදාවක් ගොඩබස්සන්න කියලද ඔය ඉල්ලන්නේ ?
දැන් මෙතුමත් දේශපාලනය කරන්න ගිහින් අන්ද මන්ද වෙලා ඔහේ කියවනවා. දේශපාලනය නොකර හිටිය නම් තමා වඩා හොඳ.
ඔය නැතිවුණ දවසට ලංකාවේ නිදහස ඇතිවේවි. මොකද ඔයා කරන්නේ කොටවන එක.
මෙයා කියන විදියේ මර්ධනයක් ලංකාවේ නැහැ. අපිත් ඉන්නේ මේ ලංකාවේ. ගෙවල් දේපළ විනාහ කරපු අයට නීතිය ක්‍රියාත්මක කරනකොට මෙතුමාට තරහා ගිහිල්ලා.
මමත් ගොඩක් ගරු කරපු චරිතයක්. ඒත් දැන් නම් පේනන් බැහැ. දිය යටින් ගින්දර ගෙනියන්න අති දක්ෂයා. කොටි බළල් අතක්.
මොහුටත් දේශපාලන න්‍යාය පත්‍රයක් තියෙනවා
පාස්කු ප්‍රහාරයේදී මෙතුමා වැඩ කරපු ආකාරයට රටේම බෞද්ධ, කතෝලික, මුස්ලිම් මිනිස්සු මෙතුමා ගැන ඉතාම පැහැදීමෙන් හිටියේ.
දැන් අර පාස්කු ප්‍රහාරේ බෝඩ් එක බිම තියලා නිදහස බෝඩ් එක උස්සන් යන්නේ.?