IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ලංකාවේ දේශපාලන අර්බුධය විසඳාගැනීමට කටයුතු කිරිම ඉන්දියාව පිලිගනී

( තිළිණි ද සිල්වා )
 
ශ්‍රී ලංකාවේ ඇතිවූ දේශපාලන  අර්බුදය විසදා ගැනීමට කටයුතු කිරීම ඉන්දියාව විසින් පිළිගන්නා බවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප‍්‍රකාශක රවීෂ් කුමාර් මහතා අද (16) පැවසීය.
 
වර්තමානයේ ලංකාවේ දේශපාලනයේ ඇතිවී තිබෙන තත්ත්වයන් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීම් වලට පිළිතුරු ලබා දෙමින් එම අමාත්‍යංශය නිල ප‍්‍රකාශකවරයා මේ බව පවසා ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.
 
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප‍්‍රකාශක රවීෂ් කුමාර් මහතා එහිදී වැඩිදුරටත් මෙසේද කීය.
 
‘‘ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ලගම අසල්වැසියා මෙන්ම මිතුරායි.  මෙය ශ්‍රී ලංකාවේ සියලූම දේශපාලන පක්ෂ විසින් පරිනතභාවය  පෙන්නුම් කිරීමක් මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන ආයතන වල දිරිමත්භාවය පෙන්නුම් කිරීමක් ලෙස දැකිය හැකියි.
 
‘‘ඉදිරියටත් ශ්‍රී ලංකාවේ සහ එරට ජනතාවගේ සංවර්ධන කාර්යන් ඉදිරියට රැගෙන යමින් දෙරටේ සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකිවනු ඇති බවට බලාපොරොත්තු වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ නිල ප‍්‍රකාශකවරයා කියා සිටී.



අදහස් (0)

ලංකාවේ දේශපාලන අර්බුධය විසඳාගැනීමට කටයුතු කිරිම ඉන්දියාව පිලිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site