(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක වන බව පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමට ආරම්භවීම සතුටට කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ ධූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අතර මුදල් අමාත්‍යංශයේදී අද (7) පැවැති හමුවකදී පීටර් බෘවර් මහතා මේ බව කීය.
මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා බලධාරීන්ගේ කැපවීම සම්බන්ධයෙන් ද බෘෘවර් මහතා ස්තූතිය පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් නිසි ලෙස වෙනවා.SBSL එකේ උන් පඩි වැඩි කර ගත්තා.ඊළඟට පාලිමන්ට් එකේ උන්.ළඟදීම සුපිරි කෑමක් කන්න යන්නේ
ඒ ගොල්ලන්ගේ වැඩසටහන හොඳට යන එක ගැන ඒ අයට සතුටුයි. අපේ දරුවන්ගේත් දරුවෝ ණයකරුවෝ වෙන එකට අපිට මෙහෙමයි.
ඒ ගොල්ලන්ටත් මාර හැපී, දේශීය කර්මාන්ත වලට විතරක් බදු වැඩි කරලා ඒ ටික නැත්තටම නැති කරලා රට නැගිටින්න බැරිවෙන්න උදව් කරන රාජ්‍ය නායකයෙක් සෙට් වුණාමයි වෙන්න ඇති...!
ඕවා කොහේද අපිත් එක්ක අපි බලයට ආව ගමන් ජනතාවට බර දීල තිබෙන කොන්දේසි ඔක්කොම ජනතාවට ඕන විදිහට වෙනස් කරනවා. අපේ ආණ්ඩුව ජනතා වාදී ආණ්ඩුවක්. අහන්න එපා එහෙම ආණ්ඩු ලෝකේ කොහෙද තිබෙන්නේ කියලා. එහෙම ප්‍රශ්න කලොත් දනිස්සෙන් ඉහලට සරම උස්සන්න දෙන්නේ නැහැ . ජේවීපී.