
(අංජුල මහික වීරරත්න)
ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්ව තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මූල්‍ය අරමුදල මෙම කරුණු සඳහන් කර ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් එක් කළ නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා රජය සිදු කර ඇති අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ඇගයිමට ලක් කළේය.
එසේම ආසියාව තුළ ප්‍රමුඛ ස්ථානයට පත් වෙමින් පාලන විනිශ්චය කිරීමේ වාර්තාව (Governance Diagnostic Report) ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී ඔවුහු සිය ප්‍රසාදය පළ කළහ.
විශේෂයෙන් ප්‍රතිපත්ති-නැඹුරු විචල්‍යයන් සහ මූල්‍ය ක්ෂේත්‍රයන්හි ස්ථාවරත්වය කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් දිරි ගැන්වීමක් ලැබී ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතා (Peter Breuer) සඳහන් කළේය.
2022 දෙවන භාගයේදී මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට එළැඹීමෙන් පසු ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති අනුව ශ්‍රී ලංකාව විසින් බලාපොරොත්තු සහගත ලෙස ආදායම් ඉහළ නංවාගෙන ඇති බව පසුගියදා පැවති රැස්වීමකදී අනාවරණය වූ බවත්, එමඟින් ජාත්‍යන්තර ප්‍රජාව, නිල ණය හිමියන් සහ පුද්ගලික ණය හිමියන් සමඟ විශ්වාසය ඉහළ නැංවීමට හේතු වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම පෙන්වා දුන්හ.
උද්ධමනය සැලකිය යුතු ලෙස අඩුකර ගැනීම මඟින් ශ්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳව ද අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අවධානය යොමු වූ බවත්, මූල්‍ය ප්‍රතිපත්තියේ සහ වියදම් කපා හැරීමේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති එයට හේතු වු බවද සඳහන් කෙරිණ. මෙරට විදේශ සංචිතවල ඉහළ යාම වැනි ධනාත්මක ප්‍රතිඵල ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිරීක්ෂණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව්... දැන් රෑට රෑට නැව් ගානේ ගිහින් මැති ඇමැතිලාට පාටි දාන්න තරමට රට සංවර්ධනය වෙලා.
කෙටිකාලීන අපහසුතාවයන් ඇති වුවත් නිසි කළමනාකරණයකින් යුතුව කටයුතු කළහොත් රටේ සහ ජනතාවගේ දිගුකාලින ආර්ථික ගැටළු සඳහා පිළිතුරු ලබාදිය හැකිවේ...
එහෙනම් ඉතින් මොනවද තවත් බලන් ඉන්නේ... ඒ ආපු නියෝජිතයෝ එක්කලා වයින් පාරක් ගහලා කැරකිලා නටලා, ඒ ගොල්ලෝ ගියාට පස්සේ භාණ්ඩාගාරය හිස් වෙනකල් වියදහ් කරන එකනේ ඇත්තේ... එහෙමයි දූරදර්ශී නායකයෝ වැඩ කරන්නේ...?
IMF යෝජනා අනුව රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේදී ජනතාවගේ බෙල්ල හිරවෙන ගාණටම බදුගසා ජනතාව විඳින පීඩාව දැක්කාම IMF එකට සතුටු ඇති. ඒකට ආණ්ඩුවත් සතුටින් ඇති. කොටසක් සතුටුවනවිට කොටසක් හූල්ලන නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ කියන්නේ මේවාටයි...!
ඔව් ඉතින්, කියන කියන පදයට අපි නටනවානේ... කොන්ද පණ නැති නායකයෝ ඉන්න රටවල් වලට ණය දෙන්න IMF ගොඩක් කැමැතියි...!
ඔව් ඔව් රටේ ජනතාවත් ඉතාම සතුටින්... මේ ඡන්දෙ තියෙනකම් බලන් ඉන්නේ.. උපයන ආදායම්වලට කරන්න දෙයක් නැතිව ඉන්නේ. 95% ම ඉතිරියි...
මෙහෙ පාර්ලිමේන්තුවේ ඉන්න අය වගේම සෙට් එකක් තමයි එහෙත් ඇත්තේ... ඒ අයටත් ඕනෑ ලංකාව නූගතුන් පිරිච්ච නිකන් දූපතක් කරන්නයි. ඒකයි මෙච්චර හොරාකන දේශපාලකයෝ කරන දේවල් හරි කියන්නේ...! එකම වල්ලේ පොල්...!