IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලංකාව ගැන කොරියා නියෝජිත උදම් අනයි

 

(අංජුල මහික වීරරත්න)

ඊජිප්තුවේ පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 සමුළුවට සහභාගී වීමට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කොරියානු ජනාධිපතිවරයාගේ දේශගුණය සහ පරිසරය පිළිබඳ විශේෂ නියෝජිත හා කොරියානු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී  නා කියුං-වොන් (Na Kyung-Won) මහත්මිය අතර හමුවක්  සිදු විය. 

දේශගුණික විපර්යාසයන්හි අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහය මෙහිදී අගය කළ නියෝජිතවරිය රටේ දැනටමත් අඩු කාබන් විමෝචන අනුපාතයක් තිබියදීත්, කාබන් විමෝචනය අඩු කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රසාදය පළ කළාය. 

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ දේශගුණික විපර්යාස සඳහා සාර්ථකව මුහුණදීමට නම් එම ක්ෂේත්‍රයේ ධාරිතාව වර්ධනය කිරීම අත්‍යාවශ්‍ය බවයි. 

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් ශ්‍රී ලංකාවෙි පිහිටුවීමේ  අපේක්ෂාව පැහැදිලි කළ ජනාධිපතිවරයා එය දේශගුණික විපර්යාස පිළිබඳ සියලුදෙනාට අධ්‍යයනය කළ හැකි හා දැනුම ලබාගත හැකි උසස් අධ්‍යාපන ආයතනයක් වනු ඇති බව සඳහන් කළේය.

මේ පිළිබඳ තමන් දැනටමත් පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලය සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කර ඇති බව කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය සහ එකඟතාව ඇතිව එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව කීය.



අදහස් (4)

ලංකාව ගැන කොරියා නියෝජිත උදම් අනයි

බද්රානි Tuesday, 08 November 2022 01:41 PM

එතුමිය දන්නේ නැතිව ඇති අපේ අය කටින් බතල හිටවන්න හපන්නු බව. බොරු කයිවාරු කතාවලට රැවටිලා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් මෙරට ඇතිකලොතින් එහෙම ඒ අයටත් හොම්බෙන් තමයි යන්න වෙන්නේ. අවසානයේ විශ්ව විද්‍යාලයත් නැහැ, වියදම් කල සල්ලි වාෂ්ප උන විදිහ හොයා ගන්නත් ලංකාවෙන්ම කමිටුවක් පත්කර ගන්න වෙයි. මෙවුන් කබ්බා හොරු මැතිනියනී, ලඟින් ගියොත් අහක් නැහැ. හැකිනම් අපේ කෙනෙකුව ලෝක බැංකුවේ අධිපති කරන්න අන්න එදාට තමයි ලෝකෙට තේරෙන්නේ අපේ අප්පුලාගේ තරම?

:       17       19

Prabha Tuesday, 08 November 2022 02:06 PM

ඇත්ත නේන්නම් වාහන වලින් කාබන් පිටකරන නිසා තෙල් ගේන එක නතර කරපු එකම රට ලන්කවනෙ

:       0       11

Athula Tuesday, 08 November 2022 03:02 PM

මේවා මොනතරම් බොරුද රටේ කරන පරිසරවිනාශය කොච්චරද කියලා දන්නෙ අපි

:       5       7

sharm warn Wednesday, 09 November 2022 09:39 AM

උදම් අනන්න මෙහෙ පරිසරයට මොකද්ද රනිල් කරපු යහපත.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site