IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලංකාවේ කිරට ඇමරිකා අත හිත

(අංජුල මහික වීරරත්න)                           

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම සදහා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍ය සහයෝගය ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදයේ සහයෝගීතා සංවිධානයක් වන International Executive Services Corps ( IESC) හි සහයෝගය පළ කර තිබේ.

  දිනකට ලීටර් 100ක් පමණ කිරි නිෂ්පාදනය කරන කුඩා පරිමාණ කිරි ගව පාලන ඒකක වල ධාරිතාවය ඉහල නැංවීම, නව තාක්ෂණය හා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍යමය සහයෝගීතාවය ලබා දීම එම IESC ආයතනය විසින් සිදු කරනු ලබයි.

මේ සම්බන්ධයෙන්  කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී IESC ආයතනයේ ප්‍රධාන විධායක හා සභාපති David Hartinch මහතා පැවැසූයේ ප්‍රජාව ශක්තිමත් කිරීම සඳහා ආර්ථික තත්ත්වය ඉහල නැංවීම අරමුණ වන අතර කිසිසේත්ම ලාභ ඉපයීමේ අරමුණක් තම සංවිධානයට නොමැති බවයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විණි.

 



අදහස් (5)

ලංකාවේ කිරට ඇමරිකා අත හිත

wedage Friday, 03 November 2023 12:28 PM

අපේ ඇමැතිට තමයි ලාභ උපයන එක ගැන බලන්න තියෙන්නේ...!

:       2       3

සමිත Friday, 03 November 2023 12:49 PM

ඒ පාර අමෙරිකාවෙන් කිරි ගවයන් ගෙන්නා ඉතිරි ටිකත් ඉවරයක්ම කරලා දාමු.

:       5       3

බද්රානි Friday, 03 November 2023 02:06 PM

"කන්න දීපු අත හපා කන ජාතියේ" මිනිස්සු ඉන්න රටකට මෙවැනි උපකාර කරන්න ඇමරිකන් කාරයින්ට පිස්සුද මන්දා...තව ටික කාලෙකින් කියයි ඇමරිකන් කාරයෝ ඇවිත් දේශීය කිරි කර්මාන්තය විනාශ කළා කියලා... මතකනේ අර MCC ගිවිසුම හරහා පිනට දෙන්න ගිය මුදලට නටපු නාඩගම්.. මොවුන්ව චීන මකරාට ගිලගන්න ඉඩදීලා ඔබලා පාඩුවේ ඉන්න...!

:       2       7

රංබොඩ Friday, 03 November 2023 04:15 PM

නව තාක්ෂණය කියන්නෙ සත්තුන්ට හෝමෝන ගහලා, ප්‍රතිජීවක දීලා, කිරි වැඩිපුර ගන්න එක. දැනට ලෝකයම භාවිතා කරන්නේ ඒ ක්‍රමවේදය. අන්තිමට මේවා බොන ජනතාව ලෙඩ්ඩු බවට පත් වෙනවා. කරන්න දෙයක් නෑ. ලෝකය අදට වඩා හෙට හොඳ වෙන්නේ නෑ...!

:       2       1

chandima Friday, 03 November 2023 06:26 PM

තාක්ෂණයයි, සල්ලියි දීලා වැඩක් නැහැ පරණ ගවයන්ටම... ඇමෙරිකාවෙන් අලුතින් ගවයෝ ටිකක් එවන්න නම් අලුත් ඇමැති තනතුරු ටිකක් දෙන්න තිබුණා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site