
(විමුක්ති එස් රුද්‍රිගු)
චීන පර්යේෂණ නෞකාවක් වන ෂී යාන් 6 එළඹෙන ඔක්තෝම්බර් මස අගදී කොළඹ සහ හම්බන්තොට වරායන්හි නැංගුරම් ලෑමට සූදානම් වීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව ඉන්දීය රජය ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.
ඉන්දියාවේ ආරක්‍ෂාව සහ උපායමාර්ගික ගැටළු සම්බන්ධයෙන් තම රට සංවේදී වන බවට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට සහතික වී මසකට පමණ පසු චීන පර්යේෂණ නෞකාවක් වන ෂී යාන් 6 එළඹෙන ඔක්තෝම්බර් මස අගදී කොළඹ සහ හම්බන්තොට වරායන්හි නැංගුරම් ලෑමට අදහස් කරන බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබේ.
එසේ නැංගුරම් දමනා ෂී යාන් 6 නොවැම්බර් මස දක්වා මසකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ සිටීමට බලාපොරොත්තු වන බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දී ඇත.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව නිල වශයෙන් තවමත් කොළඹ සහ හම්බන්තොට වරායන්හි නැංගුරම් ලෑමට ෂී යාන් 6 ට අවසර ලබා දී නොමැති වුවත් ශ්‍රී ලංකාව ඉන්දියාවට ලබා දුන් පොරොන්දුව සම්බන්ධයෙන් මතක් කර දිය යුතුව ඇතැයි එම පුවත්පත වාර්තා කර තිබේ.
දිවයිනේ සහ දකුණු ඉන්දීය සාගරයේ සුවිශේෂී ආර්ථික කලාපය පිළිබඳ සමීක්ෂණයක් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය හෙවත් නාරා ආයතනයේ විද්‍යාඥයන් ෂී යාන් 6 නෞකාවට ගොඩවීමට නියමිත බව දැනගන්නට ලැබී ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්ද? ඉන්දියාවෙන් සියලු දේ සඳහා අවසර ගත යුතුද?
ඉන්ඩියව කවඩවත් ලන්කවට ගොඩ යන්න ඩෙන්නෙ නහ. එහෙම ලන්කව ඩියුනු උනොත් එක ඉන්දියාවට දරන්න බැරි තර්ජනයක්. ලොකයෙ සියලුම දියුනු රටවල් තම අසල්වැසි රටවල් දියුනු වෙනවට බලවත් වෙනවට කැමති නැහැ..
අපිට ඉතින් සිඟමන් දෙන ඉන්දියාව සහ චීනය කියන හැටියට නටන්න සිදුවන එක අරුමයක් නෙවෙයි. මෙයින් ගැලවීමට ඇති එකම මග තමයි වගා සහ කර්මාන්ත සංග්‍රාමය අවංකවම හැමදෙනාම කැපවීමෙන් ආරම්භ කරන්න ඕනේ... කොමිස් මුදල්වලට ඇති ආශාව අත්හරින්න ඕනෑ. මන්ත්‍රී, ඇමැති සහ අමාත්‍යාංශ ලේකම් වරුන්ගෙන් මෙම වැඩපිළිවෙළ පටන් ගන්න ඕනේ.