
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට බෙනින් රාජ්‍යයේ ආයෝජන අවස්ථා සලසන බව එහි උප ජනාධිපති මාරියම් චාබි තලතා (Mariam Chabi Talata) මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ උගන්ඩාවේදී පැවසීය.
ප්‍රමුඛ කපු අපනයනකරුවකු වන බෙනින් රාජ්‍යයේ කපු කර්මාන්තයේ ආයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට අවස්ථාව තිබෙන බව කී උප ජනාධිපතිවරිය ඒ සඳහා ශ්‍රී ලාංකික ආයෝජකයින් යොමු කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලා සිටියාය.
උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවිය.
මේ අතර රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සේවා ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීම පිළිබඳව ශ්‍රි ලංකාව සහ බෙනින් රාජ්‍ය අතර අවබෝධතා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබිණි.
මෙම ගිවිසුම මගින් දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සේවා ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව වීසා බලපත්‍රයක් ලබා ගැනීමකින් තොරව දින තිහක් දක්වා එක් රටකට ඇතුළු වීමට සහ එහි රැඳී සිටීමට පහසුකම් සපයයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි,බෙනින් රාජ්‍ය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය ඔලුෂෙගුන් අඩ්ජාඩි බකාරි (Olushegun Adjadi Bakari) මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවට යනවා පිරිවර සමග... මෙතෙක් කල් නම් ගෙනාපු දෙයක් නැහැ. රනිල් ආපු දා ඉඳලා අපි කන වේල් ගාණ අඩුවුණා...
මේ මෝඩ නාකියාව අන්දන්න හරි ලෙහෙසියි විදේශිකයින්ට. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ, යුදෙව් ඒකාධිකාරියක් ඇතිකිරීමට මොසාඩ්ලා එවපු පිල්ලියක්ද කොහෙද.බෙනින් කියන්නේ යුදෙව්වන්ට දන නමන ඒවගේම යුදෙව්වන් සිටින , අප්‍රිකානු රටක් බව මේ මෝඩයා දන්නේ නැතිද ?කොහෙවත් ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන පස්සේ කනවෝ කනවෝ කියන්න අපේ මෝඩ දේශකාපාලුවන් හරි දක්ෂයි.
විදේශ සංචාරවලින් ඇඟලුම් ඇණවුම් ලැබුවා කීවත් මේගැන අවබෝධයක් නොමැති උදවිය එම සංචාර නිර්දය ලෙස විවේචනය කෙරුවා.. මෙහි ඉන්න මෝඩ ජනතාව ඇන්දවීමට. ඔවුන් දන්නවා රට ඉස්සරහට ගියහොත් ඒ අයගේ බලාපොරොත්තු සුන්...!
අනේ මෙහෙම කෙනෙක්.. බෙනින් කාරයෝ එයාලාගේ නිශ්පාදන වලට වෙළඳපලක් හදාගන්න යන්නේ මෙයාව ගොනාට අන්දගෙන.. ලංකාවේ ඇඟලුම් කම්හල් කීයක් දැනට වැහිලා කියලා මේක කියවපු කීදෙනෙක් දන්නවාද? බ්රේස්ලට් කතා තමයි..